සෙනසුරාදා, ජූලි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුමේනියා රැකියා පෙන්නා කෝටි 88ක් වංචා කළ රේන්බෝ ඒජන්සියේ ඇත්ත හිමිකරු ඒ කාලයේ සජබ ඉඳන් එජාපයට පැනපු දේශපාලකයෙක්… විදේශ කටයුතු ඇමති කියයි!

by editor
ජනවාරි 7, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

රුමේනියාවේ රැකියා දෙන බවට පොරාන්දු වී රුපියල් කෝටි 88කට වැඩි ප්‍රමාණයක් වංචා කළ බවට චෝදනා ලද  දැනට ආන්දෝලනයට ලක් වී ඇති “රේන්බෝ” නැමති විදේශ රැකියා ආයතනයේ සැබෑ හිමිකරුවන් තවමත් අත් අඩංගුවට ගෙන නැති බවත් ඔවුන් මේ ජාවාරම කර තිබුණේ දැඩි දේශපාලන රැකවරණය යටතේ බවත් විදේශ කටයුතු ඇමති විජිත හේරත් අද (07) පාර්ලිමේන්තුවේ දි පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අද පාර්ලිමේන්තුවේ දි මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

“ මේ අත් අඩංගුවට අරන් තියෙන්නේ ඩිරෙක්ටර් බෝඩ් එක… ඇත්ත කට්ටිය තවම ගත්තේ නෑ,… දේශපාලන රැකවරණය සහිතව මේ වැඩේ කරගෙන ගිහින් තිබෙන්නේ ඒ දවස්වල ඔබතුමාලගේ පැත්තේ  ( සජබ)  ඉඳන් ඒ කාලේ ආණ්ඩුවට ( එජාප) පැනපු කෙනෙක්. ඔහුගේ පුද්ගලික ජීවිතයටත් මේ වංචාව සම්බන්ධයි…” අමාත්‍යවරයා විපක්ෂ නායකවරයාට කීවේය.

අදාල ප්‍රශ්නය විපක්ෂ නායකවරයා විසින් මතුකළේ මෙසේය.

“කොච්ච රඋත්සාහ කළත් කාලයක් පුරාවට වංචනික විදේශ රැකියා ආයතන මහජනතාවගෙන් කෝටි ප්‍රකෝටි ආයතන කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරලා තියනවා.”

RelatedPosts

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

“මහරගම රේන්බෝ විදේශ රැකියා පුද්ගලික සමාගම, බත්තරමුල්ලේ නිව් රේන්බෝ විදේශ රැකියා සමාගම.  හයසිය හතලිහකට අධික ප්‍රමාණයකින් කෝටි 86ක් වංචා කරලා තියනවා රුමේනියාවට යවනවා කියලා.”

“මම ඉල්ලීමක් කරනවා ඔබතුමා පුද්ගලිකව මේ කරුණු හොයලා බලන්න. මොකද විමර්ශන ක්‍රියාත්මක වෙන්නේ බොහොම මන්දගාමීව.  ඒ වගේම තාම චෝදනා ගොනු කිරිමක් කරලා නෑ. ආයතනයේ අයිතිකාරයව අත් අඩංගුවට අරන් තියනවා. නමුත් හිමි කාරියක් ඉන්නවා.ඒ ගොල්ල අත් අඩංගුවට අරන් නීතිය ක්‍රියාත්මක කරන්න.”

“මේකට ඔබතුමාගේ සම්බන්ධයක් නෑ. අපි හොයලා බැලුව. කපිල කියලා පුද්ගලයෙක් ස්ථාන මාරු කරලා තියනවා මේ කරුණට අදාලව. එයත් එක්ක  මේ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ නිලධාරී කණ්ඩායමක්  මේ සමග ඉන්නවා.  විනිවිද භාවයෙන් යුත් පරීක්ෂණයක් කරලා රේනබෝ ආයතනයේ  වංචාව ගැන සොයලා බලන්න. “

“මොකද මේ විදේශ රැකියා ආයතනය බලපත්‍ර තහනම් කරපු එකක්. තහනම් කරන්න පෙරත් හොරකම් කරලා තියනවා. පසුත් හොරකම් කරලා තියනවා. කාරුණිකව  ඔබතුමාගේ අවධානය යොමු කරන්න. “

ඊට පිළිතුරු දෙමින් විදේශ කටයුතු ඇමති විජිත හේරත් පැවසුවේ පසුගිය වකවානුව තුළ  විවිධ රැකියා ඒජන්සි මුදල් අයකරමින් විශාල වංචා ප්‍රමාණයක් සිදුකර තිබුණු බවය.

“ඔබතුමා මතු කළ රේන්බෝ ආයතනයේ සිද්ධිය අපේ කාලෙ නෙමෙයි. ඒ කාලයේ වෙච්චි එකක්.  දේශපාලන රැකවරණය මැද සිද්ධ වෙච්චි එකක්. ඔය අහුවෙලා ඉන්න අය නෙමෙයි ඇත්ත කට්ටිය. මේ අත් අඩංගුවට අරන් ඉන්නේ දාපු ඩිරෙක්ටර් බෝඩ් එක.  ඇත්ත කට්ටිය කවුද කියනවා නම් ඒ කට්ටියට ඔබතුමාලගේ පැත්තෙන් පස්සේ ඒ කාලෙ තිබුණ ආණ්ඩුවට පැන්න කෙනෙකුත් සම්බන්ධයි.  එයාගෙ පෞද්ගලික ජීවිතය එක්කත් සම්බන්ධයි.”

“ඒ සම්බන්ධයෙන් අපි ආවට පස්සේ සම්පූර්ණ ක්‍රියාමාර්ගයක් ගත්තා . ඒ සම්බන්ධව නඩුව උසාවියේ විභාග වෙමින් පවතිනවා.  දැනට තියන පනත ශක්තිමත් මදි සමහර ක්‍රියාමර්ග ගන්න. ඒ නිසා අපි 1987 සම්මත වෙච්චි විදේශසේවා නියුක්ති කාර්යාංශයේ පනත වෙනස් කර අලුත් පනතක් හඳුන්වා දෙන්නත්  අපි උත්සාහ කරනවා.  දැනට තියෙන්නේ ඇත්තටම තැන්පතු මුදල තබා ගැනිම විතරයි. ඒකෙන් ඒ අය ගැලවෙනවා.”

“ඔබතුමා කියපු විදිහට කෝටි අසූ ගණනක් තියනවා. මේ සම්බන්ධව බොහෝ ක්‍රියාමාර්ග අරන් තියනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙ නිලධාරින් 06  දෙනෙකුගෙ වැඩ තහනම් කරලා තියනවා. ඒ වගේම කාර්යාංශයට සම්බන්ධ සමහර සේවකයින් මේ ජාවාරමට උදව් කරන අය හඳුනාගෙන ඔවුන්ට එරෙහිව විමර්ශන කරනවා. දැනටමත් විදේශ සේවා කාර්යාංශයේ අලුතින් පොලිස් විමර්ශන ඒකකයක් පිහිටුවලා තියනවා. ඉදිරියේ දී මේ සම්බන්ධව තවත් දැඩි ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරනවා.”

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සාරා ජස්මින් ජීවතුන් අතර ඉන්නවා… අවශ්‍ය වුවහොත් ඇයව අත් අඩංගුවට ගන්න විවෘත වරෙන්තුවක් ගන්නවා…

Next Post

අලුතින් ලයිස්තුගත සමාගමක කොටස් මිල අසාමාන්‍ය ලෙස වැඩිවීමෙන් කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු තාවකාලිකව අත් හිටුවයි…

Related Posts

පුවත්

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026
පුවත්

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026
පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”
  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.