සෙනසුරාදා, ජූලි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කසිප්පු කළ විනාශය… වෙන්නප්පුවේ 05ක් මිය යයි… 07ක් රෝහලේ… එක් අයෙකුට අසාධ්‍යයයි…

by editor
ජනවාරි 6, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

වෙන්නප්පුව, තඹරවිල ප්‍රදේශය දැඩි කම්පනයකට පත් කරමින්, විෂ මත්පැන් පානය කිරීම හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත් වීමේ  පුවත අද (06) අනාවරණය විය. එම  මත් පැන් පානය කළ  තවත් හත් දෙනෙකු රෝහල්ගතව මේ වනවිටත්  මරණයත් සමඟ සටන් වදිමිනි.  මෙම පුවතට  මුළු රටේම අවධානය යොමු වී තිබේ.

සිද්ධියේ දරුණුකම

අද උදෑසන තඹරවිල ප්‍රදේශයේ ඇඹරුම්හලක් තුළ තිබී පුද්ගල මළසිරුරු දෙකක් හමුවීමත් සමඟ මෙම සිදුවීම අනාවරණය විය. ඊට මීටර් 50ක් පමණ දුරින් පිහිටි නිවසක තිබී තවත් මළසිරුරක් හමුවූ විනි.

මේ අතර  ප්‍රදේශයේ වාහන සේවා සැපයුම් මධ්‍යස්ථානයක සිටි තිදෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත  කළේය.   රෝහල් ගත කිරීමෙන් පසු  ඉන් දෙදෙනෙකු මිය ගොස් තිබිණි.

මෙම මරණවලට ගොදුරු වී ඇත්තේ අවුරුදු 29 සහ 50-60 අතර වයස් කාණ්ඩවල පසුවන පිරිසකි. මියගිය පුද්ගලයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ හලාවත මූලික රෝහලේදී  හෙට (07) පැවැත්වීමට නියමිතය.

RelatedPosts

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

රෝහල්ගතව සිටින පිරිස

මෙම මත්පැන් පානය කළ තවත් හත් දෙනෙකු මේ වන විට මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. ඉන් එක් අයෙකුගේ තත්ත්වය අසාධ්‍ය බැවින් දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

සැකකාරිය සහ පොලිස් විමර්ශන

මෙම මරණවලට වගකිව යුතු බවට සැක කෙරෙන මත්පැන් අලෙවි කළ 65 හැවිරිදි කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් වාර්තා පවසන්නේ ඇය මීට පෙරද මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සම්බන්ධයෙන් වරදකාරිය වී අත්හිටවූ සිරදඬුවම් ලැබූ තැනැත්තියක් බවයි.

එක් නිමේෂයකින් පවුල් කිහිපයක ජීවිත අඳුරු කළ මෙම සිදුවීම, නීති විරෝධී මත්පැන් ජාවාරමේ බියකරු බව යළිත් සමාජයට සිහිපත් කර දී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රශ්නගත මොඩියුලය ඉදිරියට දමමින් සමස්ථ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධවම අනවශ්‍ය බියක් ඇති කරන්න එපා… අගමැතිනිය ඉල්ලයි!

Next Post

ග්‍රීන්ලන්ත දඩයමට සැරසෙන කෑදර මහල්ලාගේ ගොඩබිම් පිපාසය…

Related Posts

පුවත්

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026
පුවත්

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026
පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”
  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.