සෞඛ්‍ය ක්ෂේත්රයට බලපාන ගැටලු විසඳීමට රජය මැදිහත් වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට (07) පැවැත්වීමට නියමිත බව එම සංගමය පවසයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශය තම සංගමය විසින් ඉදිරිපත් කළ සෞඛ්‍ය ක්ෂේත්රයේ ගැටළු විසඳීම සඳහා ලබා දුන් සහතික කිරීම්වලට තවමත් විසඳුම් ලැබී නොමැති බවය.
ඒ අනුව, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීම පිළිබඳව සලකා බැලීමට සංගමය තීරණය කර ඇති බව ඔහු කීවේය.
හෙට පැවැත්වෙන විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ඒ පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිත හෙතෙම වැඩිදුටත් පැවසුවේය.







