බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ මහ නගර සභා අය – වැය මාලිමාව දිනුවේ ගේමක් ගහලා… විපක්ෂයෙන් චෝදනා…

by editor
දෙසැම්බර් 31, 2025
in පුවත්
colombo-municipal-council
Share on FacebookShare on Twitter

 කොළඹ මහ නගර සභාවේ මංගල අයවැය පරාජයට පත්වූ පාලක ජාතික ජන බලවේගය අද (31) දිනයේ දෙවනවරට අය වැය ජයග්‍රහණ කළේ   විපක්ෂයට බහුතරය නොමැති නිසා නොව, විවිධ තත්ත්ව මත  විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දය භාවිතයා කිරීම මග හැරවීමෙන්   බව කොළඹ මහ නගර සභාවේ විපක්ෂය නියෝජනය කරන සභික රීසා සරූක් සඳහන් කළේය.

අය – වැය විමසන අවස්ථාවේ දී   මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතුරුදන්වී ඇති බවත් තවත් මන්ත්‍රීවරයෙකුට පෞද්ගලික හේතුවක් නිසා ඡන්දය විමසීමට පෙර සභාවෙන් නික්මයෑමට සිදුවූ බවත් ඔහු සඳහන් කළේය.

තවත් අයෙකුව නාරාහේන්පිට පොලීසියෙන් රඳවාගෙන සිටි බවටද ඔහු චෝදනා කළේය.

රීසා සාරුක් කීවේ මෙවැන්නකි.

“කොළඹ අයවැය අද පාලක පක්ෂය ජයග්‍රහණය කළා. අපේ මන්ත්‍රීතුමියක්ව නාරාහේන්පිට පොලීසියෙන් උදෙන්ම ගෙදර ගිහින් අරගෙන රඳවගෙන තිබ්බා. තවත් මන්ත්‍රීවරු දෙන්නෙක් අතුරුදන්. ගෙදරත් ගිහින් බැලුවා ඒ මන්ත්‍රීවරුන් දෙදෙනා  නැහැ. එතකොට එතනත් අපිට ඡන්ද 2ක් නැහැ. ඒ වගේම තවත් මන්ත්‍රීතුමෙකුගේ භාර්යාවට හෘදයාබාධයක් කියලා ඡන්දය භාවිත කිරීම කිට්ටු කරලා එතුමට නික්ම යන්න වුණා. ඒ වගේම අපිත් එක්ක හිටපු මන්ත්‍රීතුමියක් ඡන්දය පාවිච්චි කළේ ආණ්ඩු පක්ෂයට. අපිට හිතාගන්න පුළුවන් මොකක්ද මෙතන වෙලා තියෙන්නේ කියලා.”

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

“එදා පළමුවර අයවැය පරාජයට පත්වූ මොහොතේ නගරාධිපතිතුමිය ප්‍රකාශ කළා හෘද සාක්ෂියට තට්ටු කරලා බලන්න කියලා.  අපි එතුමියට කියනවා අද දිනයේ බහුතරය ලබාගත්තේ කොහොමද කියලා තට්ටු කරලා අහන්න.”

“අපිට බහුතරය නැති නිසා නෙමෙයි අපි අද පැරදුණේ. මන්ත්‍රීවරුන් මෙතන නොසිටි නිසා තමයි අපි පරාජයට පත් වුණේ. අපි ඉදිරියටත් අපේ බහුතරය රැක ගනිමින් අපේ කටයුතු කරනවා.”

ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද දෙකකින් අද ජයග්‍රහණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තාවී සමරවීර වයස අවුරුදු 11න් පහළ ලෝක මේසපන්දු ශ්‍රේණිගත කිරීමේ අංක 1 ට…

Next Post

ජොනී ගේ පුතා රිමාන්ඩ්!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.