නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර 2ක් අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මේ වන විට අක්‍රීය තත්ත්වයේ පවතින බව ලංකා විදුලි බලමණ්ඩලය පවසයි.
ඒ හේතුවෙන් මේ වනවිට ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 600 ධාරිතාවක් නොලැබී ගිය ද ජල විදුලිය උත්පාදනය සාර්ථකව සිදුවන බැවින් දෛනික විදුලි බල සැපයුමට බාධාවක් හෝ විශේෂ අතිරේක පිරිවැයක් නොදරන බව ද විදුලිබල මණ්ඩලය පෙන්වා දෙයි.
සාමාන්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් පසුගිය නොවැම්බර් මස 3 වන දින ලක්විජය බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය කිරීමට පියවර ගෙන තිබු අතර දෙසැම්බර් මස 20 වන දින තවත් ජනන යන්ත්‍රයක් ඇති වූ දෝෂයක් හේතුවෙන් අක්‍රීය කිරීමට සිදුවූ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
ඒ අනුව මේ වනවිට නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් පමණක් සක්‍රීය තත්ත්වයේ පවතින අතර එමඟින් මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කරමින් ඇත.
මේ වන විට එම ජනන යන්ත්‍ර දෙකම අලුත්වැඩියා කටයුතු සිදුවෙමින් පවතින අතර ලබන ජනවාරි මස පළමු සතිය තුළ ඒවා යළි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්ය.







