විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක්, එහි පතරොම් ගැබක් සහ ටී 56 පතරොම් 25ක් සමග මිනුවන්ගොඩ හීනටියන දී සැකකරුවෙක් අත් අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී ඇත.
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත ඊයේ (27) දිනයේ දී කළ මෙම වැටලීමේ දී අත් අඩංගුවට ගෙන ඇති සැකකරු 43 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වයි.







