අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කිසි කලෙක පිරවිය නොහැකි අඩුවක් තබමින් හෙළයේ ගීත කෝකිලාවිය දිවි සැරියෙන් සමු ගනී…

by editor
දෙසැම්බර් 27, 2025
in පුවත්
Latha-Walpola
Share on FacebookShare on Twitter

හෙළයේ ගීත කෝකිලාවිය ලෙස අප්‍රමාණ ගෞරවයට පාත්‍ර වූ ජනකාන්ත ගායිකා ලතා වල්පොල අද (27) දිවි සැරියෙන් සමුගත් බව සංවේගයෙන් සටහන් කර තබමු.

දිවි සැරියෙන් සමු ගන්නා විට ඇයගේ වයස අවුරුදු 92 ක් විය.

ලතා වල්පොල ලෙස ජනාදරයට පත් වන මේ විශිෂ්ඨ කලාකාරිණිය දේශමාන්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවාය. ඇයගේ සැබෑ නම මාතරගේ රීටා ජෙනීවීව් ප්‍රනාන්දුය.

ඇය උපත ලබන්නී 1934 නොවැම්බර් 11 වන දින ගල්කිස්සේය. ඇයගේ පියා ජෝසප් ප්‍රනාන්දුය. මව එලිසබෙත් මියුරියෙල් ය. ඇය පස් දෙනෙකුගෙන් යුත් පවුලේ කෙනෙකි.

රීටා ජෙනීවීව් ගේ මව ගුරුවරියකි. මව ඇයට ගායිකාවක් වීමට දිරිගැන්වූවාය. ඇය දෙහිවල-ගල්කිස්සේ ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා ගත් අතර එහිදී ඇය පල්ලියේ ගායනා කණ්ඩායමකට නායකත්වය දුන්නාය.

RelatedPosts

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

රීටා ජෙනීවිව් ප්‍රනාන්දු වර්ෂ  1959 දී ධර්මදාස වල්පොල සමඟ විවාහ වූවාය. ඇය ලතා වල්පොල ලෙස ප්‍රසිද්ධ වන්නී මේ සරණ බන්ධනයත් සමගය. මෙම යුවළට පුතුන් හතර දෙනෙකු සහ එක් දියණියක් සිටී.

වෘත්තීය ජීවිතය

ලතා වල්පොල ගායිකාවක වන්නී 1946 දී ය. එවිට ඇයට වයස අවුරුදු 12කි. ඒ එවකට රේඩියෝ සිලෝන් ගායක කණ්ඩායමේ ගායිකාව වීමෙනි. පවුලේ මිතුරෙකු සහ ගුවන් විදුලි නාට්‍ය ශිල්පියෙකු වන සී.ඒ. ෆොන්සේකා, ඔහුගේ පුත් සී.ඩී. ෆොන්සේකා සමඟ ඔහුගේ සරල ගී වැඩසටහනක් සඳහා ඇයව මුලින්ම ගුවන්විදුලිය වෙත කැඳවාගෙන පැමිණ තිබිණි.

1947 දී, ලතා ඇගේ පළමු ගීතය වන “කඳුළු දෙනෙත් වැහෙන” ගීතය ගායනා කළාය. එහි පද රචනය සරත් විමලවීරගෙනි. රේඩියෝ සිලෝන් හි නේවාසික වයලීන වාදකයෙකු වූ වින්සන්ට් ද අල්විස් විසින් සංගීතය රචනා කර තිබිණි.

ඉන්පසු ඇය මොහොමඩ් ගවුස්, පී.එල්.ඒ. සෝමපාල සහ බී.එස්. පෙරේරා යන අයගේ මඟ පෙන්වීම යටතේ සිය ගායනා ඉදිරිපත් කළාය. 1950 වන විට, ඇය රට තුළ ප්‍රසිද්ධියට පත් වූ අතර, මුලින් චිත්‍රා සෝමපාල විසින් ගායනා කරන ලද “සුකොමල බඳ ලෙලවා”, “දුන්හිඳ හැලෙනා” සහ “දියලුම හැලෙනා” යන ගීත ආවරණය කළාය.

සී. ටී. ප්‍රනාන්දු සමඟ ගායනා කරන ලද “මල්බර හිමිදිරියේ – පිපුනේ ඇසළ අරලිය මාලා” ඇගේ වඩාත් ජනප්‍රිය ගීත වලින් එකකි. ඇගේ වඩාත් ජනප්‍රිය ගීත බොහොමයක් ප්‍රේමසිරි කේමදාස විසින් සංගීත නිර්මාණය කළ ඒවාය. වයස අවුරුදු 86 දී ද ඇය සරත් ද අල්විස්ගේ සංගීතයෙන් සහ ජූඩ් ප්‍රසන්නගේ පද රචනයෙන් ගීතයක් ගායනා කළාය.

ඇයගේ මුල්ම සිනමා පසුබිම් ගීතය ගැයෙන්නේ 1953 දීය. ඇගේ වෘත්තීය ජීවිතය තුළ ලතා වල්පොල චිත්‍රපට 600 කට ආසන්න සංඛ්‍යාවකට පසුබිම් ගායනයෙන් දායක වූවාය.

මේ විශිෂ්ඨ කලාකාරිණිය වර්ෂ 2005 දී ශ්‍රී ලංකා රජයෙන් කලා සූරි සම්මානයෙන් පිදුම් ලැබුවාය. වර්ෂ 2017 දී, රජය විසින් ඇයට දෙවන ඉහළම සිවිල් සම්මානය වන දේශමාන්‍ය සම්මානය පිරිනමන ලදී. ඇය ශ්‍රී ලංකාවේ සිනමාවට සම්බන්ධ පුද්ගලයින්ට පිරිනමන සරසවිය සම්මානය සිව් වතාවක් දිනා ඇත.

2021 දී, සිංහල සිනමාවේ මුල් දශකවල දායකත්වයක් ලබා දුන් කලාකරුවන් 21 දෙනෙකු සඳහා පැවති උත්සවයකදී ඇයට ජීවිත කාලයටම කලාකරුවෙකුට හිමිවන සම්මානයෙන් පිදුම් ලැබුවාය.

ඇයගෙන් තොර සිංහල ගීතාවලියක ආශ්වාදය ගැන සිතාගත නොහැකි තරමට ඇය එහි කොටසක් වී සිටියාය. මේ විශිෂ්ට කලාකාරිණියට නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරමින් අප මේ කෙටි සටහන නිමා කරන්නේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වසර පුරා කළ මෙහෙයුම්වල දී  බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයෙන් ජංගම දුරකථන 133ක්, සිම් කාර්ඩ් 159ක්,  චාජර් 110ක් සොයා ගෙන…

Next Post

විදෙස් රටක ගිනි අවියක් සහ ටී 56 ජීව උණ්ඩ සමග මිනුවන්ගොඩ දී පුද්ගලයෙක් අත් අඩංගුවට…

Related Posts

පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!
  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.