ලලිත් චාමින්ද –
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පසුගිය වසර හතරක (2021-2024) කාලය තුළදි ක්‍රියාත්මක කරණු ලැබු විදේශ ආධාර ව්‍යාපෘති 22ක් සඳහා රුපියල් මිලියන 22,045.07ක මුදලක් වැයකොට ඇතත් එම ව්‍යාපෘති සම්බන්ධයෙන් විගණනයක් සිදුකර විගණන වාර්තා නිකුත් කිරීමට විගණකාධිපතිවරයා වෙත ප්‍රතිපාදන නොතිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙම විදේශ ආධාර ව්‍යාපෘතිවලට අදාළ ගිවිසුම් අනුව විගණකාධිපතිවරයා ව්‍යාපෘති විගණක ලෙස නිශ්චිතව හඳුනාගෙන නොමැති බැවින් ව්‍යාපෘති සම්බන්ධයෙන් විගණනයක් සිදුකර විගණන වාර්තා නිකුත් කිරිමට විගණකාධිපතිවරයාට නොහැකි වී තිබුණි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය විෂයයන් යටතේ මෙම විදේශ ආධාර ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 52,086.35ක ප්‍රතිපාදන වෙන්කොට තිබුණි.
විගණකාධිපතිවරයා විසින් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.







