බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ජනපති තුමනි… විශ්වාසවන්ත මිතුරෙක් සේ මගේ ඉහළම සැලකිල්ල පිළිබඳ තහවුරුව පිළිගන්න… මෝදි අනුරට විශේෂ ලිපියක් යොමු කර කියයි…

by editor
දෙසැම්බර් 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජනපති අනුර කුමාර දිසානායක අමතමින් සිය විශේෂ නියෝජිත ඉන්දීය විදේශ කටයුතු ඇමති ආචාර්ය එස්. ජෙයිශංකර් හරහා විශේෂ ලිපියක් යොමු කර තිබේ. ඉන්දියාවේ අත් නොහරින කල්‍යාණ මිත්‍රත්ත්වය සම්බන්ධව තහවුරුවක් වූ එම ලිපිය පහත දැක්වේ. 

 

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති
අතිගරු අනුර කුමාර දිසානායක මහතා

අතිගරු ජනාධිපතිතුමනි,

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ඔබේ රට යථා තත්ත්වයට පත්වෙමින් සිටින මොහොතක, සහන සැලසීමේ සහ යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළහිදී ඉන්දියාවට ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට මම විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා මගේ විශේෂ නියෝජිතයා ලෙස එවමි.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අපගේ ‘අසල්වැසියාට ප්‍රමුඛතාවය’ යන (Neighbourhood First) ප්‍රතිපත්තිය සහ පළමුව ප්‍රතිචාර දැක්වීම සඳහා වන කැපවීම (First Responder) අනුව යමින් අපි, හදිසියේ පැන නැඟුණු අභියෝගවලට මුහුණ දීම සඳහා ‘සාගර් බන්ධු’ (Operation Sagar Bandhu) මෙහෙයුම දියත් කළෙමු. ඉන්දියානු නෞකා, ගුවන් යානා සහ හෙලිකොප්ටරවලින් සහන සැපයුම් සහ කඩිනමින් අවශ්‍ය ද්‍රව්‍ය රැගෙන එන ලදී. ඒවා ජනතාව මුදා ගැනීමේ කටයුතු සඳහා සහායක් වූ අතර, හදිසි වෛද්‍ය සේවා ක්‍රියාත්මක කිරීම සහ බිඳවැටුණු සන්නිවේදන පද්ධති ප්‍රතිස්ථාපනය කිරීම උදෙසා විශේෂ ඉන්දියානු කණ්ඩායම් යොදවන ලදී. ‘සාගර් බන්ධු’ මෙහෙයුම ආපදාවට පත් වූ ජනතාවගේ ජිවිත බේරා ගැනීමට ඉවහල් වූ අතර එය අප දෙරට අතර සබඳතාවන්හි පුළුල් සහ ගැඹුරු ප්‍රකාශනයක් ලෙස පිළිගැනීමට ලක් වීම පිළිබඳව අපි සතුටු වෙමු.

ශ්‍රී ලංකාව දැන් මීළඟ අදියර කෙරෙහි අවධානය යොමු කරන බැවින්, විශ්වාසවන්ත පාර්ශ්වකරුවෙකු සහ විශ්වාසදායක මිතුරෙකු ලෙස ඉන්දියාව හැකි සෑම සහයෝගයක්ම ලබා දෙන බව මම ඔබට සහතික කිරීමට කැමැත්තෙමි. ශ්‍රී ලංකාවේ ජන ජීවිත යළි ගොඩනැගීමේදී සහ ඔරොත්තු දීමේ හැකියාව තහවුරු කිරීමේදී අතීතයේ මෙන්ම, අපි ඔබ සමඟ උරෙන් උර ගැටී සිටින්නෙමු. මෙම තත්ත්වය තුළ, ඉන්දියාව විසින් පුළුල් ආධාර පැකේජයක් (comprehensive assistance package) ලබා දෙන බව මම ඔබට සතුටින් දන්වා සිටිමි. එම ආධාර පැකේජය වඩාත් හොඳින් ක්‍රියාත්මක කළ හැකි ආකාරය පිළිබඳව ඔබේ රජය සමඟ සාකච්ඡා කරන ලෙස මා විසින් අමාත්‍ය ජයශංකර් මහතාට දන්වන ලදී.

ශ්‍රී ලංකාව පෙරටත් වඩා සවිමත්ව යළි නැගී සිටිනු ඇතැයි මම විශ්වාස කරමි. මෙම ගමන් මඟෙහිදී මෙන්ම,ජාතික සංවර්ධනයේදී සහ ප්‍රගතියේදීද, සැමවිටම ශ්‍රී ලංකාවට ඉන්දියාව තමන් පසෙක සිටිනා බව දැක ගැනීමට හැකි වනු ඇත.

අතිගරු ජනාධිපතිතුමනි, මාගේ ඉහළම සැලකිල්ල පිළිබඳ තහවුරුව පිළිගන්න.

නරේන්ද්‍ර මෝදී
ඉන්දීය අග්‍රාමාත්‍ය

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

‘Rebuilding Sri Lanka’ වැඩපිළිවෙළෙහිදී චීනය සතු අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදා ගැනීමට සුදානම්… චීනය කියයි!

Next Post

තම නිලධාරීන්ට මහ පාරේ පහරදෙන මන්ත්‍රීවරුන් සිටින මාලිමා ආණ්ඩුවට කඩේ යන්න පොලිස්පතිවරයාට ලැජ්ජා නැද්ද- නාමල් අසයි.

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.