සූරියවැව නුවන් ජයසේකර –
තණමල්විල ඌව කුඩාඔය පොලිස් බල ප්රදේශයට අයත් කුඩාඔය පතානයාය ප්රදේශයට යන මාර්ගයේ ගසක් මුල සඟවා තිබී ජීව අත් බෝම්බයක් හා T56 ජීව උණ්ඩ 05ක් සූරියවැව විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් සොයාගෙන තිබේ.
ගසක් යට ජීව අත් බෝම්බයක් හා උණඩ කිහිපයක් ඇති බවට සූර්යවැව විශේෂ කාර්ය බලකා කදවුරේ පොලිස් පරීක්ශක එකනායකට ලද පුද්ගලික තොරතුරක් අනුව මෙම
මෙහෙයුම සිදුකර තිබේ.
එහිදී මාර්ගය අසල ගසක් යට සගවා තිබූ SFG 87 ජිව අත්බොම්බයක් සහ T56 උන්ඩ 5 සොයාගෙන ඇති අතර සිධියට අදාලව කිසිවෙකුත් මෙතෙක් අත් අඩංගුවට ගෙන නොමැත.
සූරියවැව විශේකර්ය බලකා නිලදාරින් සහ ඌව කුඩාඔය පොලිස් ස්ථානයේ නිළධාරීන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.







