බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සතිශ්චන්ද්‍ර එදිරිසිංහයන් දිවි සැරියෙන් සමු ගනී!

by editor
දෙසැම්බර් 23, 2025
in පුවත්
sathish
Share on FacebookShare on Twitter

සහෘද රසිකයන්ගේ මහත් ගෞරවයට පාත්‍රවූ සම්මානිත රංගන ශිල්පියෙක් වූ සතිෂ්චන්ද්‍ර එදිරිසිංහයන් අභාවප්‍රාප්ත වූ බව සංවේගයෙන් යුතුව ලියා තබමු.

1941 වසරේ පෙබරවාරි 11 වැනි මස කැලණියේ දී උපත ලද සතිෂ්චන්ද්‍ර එදිරිසිංහයන් දිවි සැරියෙන් සමු ගන්නා විට 84 වැනි වියේ පසුවූයේය.

වේදිකාව, සිනමාව සහ ටෙලි නාට්‍ය ක්ෂෙත්‍රය තුළ සතිෂ්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ රංගන භූමිකාව පුරා දශක පහක් පුරා දිව යන්නකි. පාසල් සමයේ සිට සිය රංග ප්‍රභාව පෙන්වූ සතිෂ්චන්ද්‍ර එදරිසිංහ දකුණු පළාත් හොඳම නළුවා ලෙස අන්තර්පාසල් නාට්‍ය තරගයක දී සම්මානිත වූ අතර 1953 වසරේ සිට එවකට රේඩියෝ සිලෝන් හි ළමා පිටිය වැඩසටහනට සම්බන්ධ වී සිටියේය.

එදිරිසිංහයන් සිය වේදිකා නාට්‍ය ජීවිතය ආරම්භ කරන්නේ 1961 වර්ෂයේ දී ය. ඔහුගේ අමතක නොවන නාට්‍ය රංගනය 1965 දී හෙන්රි ජයසේනගේ මනරංජන වැඩ වර්ජන වේදිකා නාට්‍ය ය වූයේය. පසුව ක්ෂේතය තුළ සම්භාවනාවට ලක් වෙමින් ගුණසේන ගලප්පත්ති, දයානන්ද ගුණවර්ධන, හෙන්රි ජයසේන, සුගතපාල ද සිල්වා, ආර්.ආර්. සමරකෝන්, සුනන්ද මහේන්ද්‍ර, රංජිත් ධර්මකීර්ති, එස්. කරුණාරත්න, ලුෂන් බුලත්සිංහල, වැනි රටේ ප්‍රමුඛ පෙළ නාට්‍යකරුවන් සමඟ ඔහු ක්ෂේත්‍රය තුළ දැවැන්ත භූමිකාවක රූපණය කළේය.

චිත්‍රපට 35කට පමණ රංගනයෙන් දායක වී ඇති එදිරිසිංහයන් සිය සිනමා දිවිය ආරම්භ කරන්නේ වර්ෂ 1966 දී රෙජී පෙරේරා විසින් අධ්‍යක්ෂණය කළ සැඩොල් කඳුළු චිත්‍රපටයෙනි. 1982 දී ඔහුගේ අධිෂ්ඨානය චිත්‍රපටය ජර්මනියේ ජාත්‍යන්තර මැන්හයිම් චිත්‍රපට උළෙලේදී ප්‍රදර්ශනය කරන ලදී. ඔහු සිය කෘතිය ලුඩ්විග්ෂාෆෙන් චිත්‍රපට සම්මේලනයට ද ඉදිරිපත් කළේය.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

එදිරිසිංහයන්ගේ පළමු රූපවාහිනී චරිත නිරූපණය සිද්ධ වන්නේ 1982 දී ලුෂන් බුලත්සිංහලගේ එක මවකගේ දරුවෝ නාට්‍යයෙනි. නාට්‍යයේ ඔහු ප්‍රධාන චරිතයක් වන පාසල් විදුහල්පතිවරයෙකු ලෙස රඟපෑවේය. ශ්‍රී ලංකා රූපවාහිනියේ මුල් අවධියේදී මිහිකතගේ දරුවෝ, තාරාදේවි සහ පලිඟු මැණිකේ වැනි ජනප්‍රිය ටෙලි නාට්‍ය රැසක ඔහු රඟපෑවේය.

ශ්‍රී ලාංකේය සිනමා කලා ක්ෂේත්‍රයේ එක්තරා යුගයක් ආවරණය කළ මේ අති විශිෂ්ට කලකාරුවාගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කොහුවලදීත් වෙඩි තැබීමක්… බරපතල තුවාල සහිතව 25 හැවිරිදි තරුණයෙක් කළුබෝවිල රෝහලට…

Next Post

වීරවිල වී ගබඩාවට වන අලි ප්‍රහාරයක්…

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.