බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අම්බලන්ගොඩ ඝාතනය – ඝාතකයින් සොයා ගන්නට බැරි තරමට මරණකරු පාතාල කල්ලි එක්ක සම්බන්ධයි… විමර්ශන අංශ කියයි…  

by editor
දෙසැම්බර් 22, 2025
in පුවත්
Hiran-Kosala
Share on FacebookShare on Twitter
  • ඊයේ රෑත්  බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිට ලොකු පැටී කතා කරලා… ලොකු පැටීගේ පරම හතුරු කරන්දෙණියෙ සුද්දාගෙත් හොඳම යාළුවෙක්…

  • කොස්ගොඩ සුජී හා ඔහුගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වන ඌරගහ ඉන්දික එක්කත් ඩීල් දාලා…

අම්බලන්ගොඩ සිංගර් ආයතනයේ කළමනාකරුවා ලෙස කටයුතු කළ කෝසල ද සිල්වා අද පෙරවරුවේ ඝාතනය කර ඇත්තේ කුමණ පාතාල පාර්ශවයක් දැයි සොයා ගත නොහැකි තරමට ඔහුගේ පාතාලය හා බැඳුණු සම්බන්ධතා සංකීර්ණ බව පොලිස් විමර්ශන අංශවලට පෙනී ගොස් ඇතැයි වාර්තා වේ.

කෝසල ද සිල්වා යනු අම්බලන්තොට නගරාධිපති අපේක්ෂකයා ලෙස පෙනී සිටිමින් පසුගිය පළාත් පාලන මැතිවරණයේ දි සමගි ජන බලවේගයෙන් තරග කළ අයෙකි. ඔහු ඝාතනයට වෙඩික්කරුවන් පැමිණෙන්නේ අද උදෑසන 8.30ට පමණය.

ඝාතන ඉලක්කය සොයා එන වෙඩික්කරුගේ ගිනි අවිය මුල් අවස්ථාවේදී ක්‍රියාත්මක නොවන ආකාරයත්, ඒ සමගම කෝසල ද සිල්වා ඔහු පසුපස හඹා යද්දී සිය ගිනි අවිය මාරු කරගෙන පැමිණි වෙඩික්කරු වෙඩි තබා කෝසල ද සිල්වා ඝාතනය කරන ආකාරයත් සීසීටීවී දර්ශනවල සටහන්ව ඇතැයි විමර්ශන අංශ කියයි.  වෙඩි පහර කෑ පුද්ගලයා එම ස්ථානයේම මිය ගොස් තිබේ. වෙඩික්කරු පලා ගොස් තිබුණු අතර යතුරුපැදිය ආඳාගල ප්‍රදේශයේ මග දමා ගොස් තිබිය දී පොලිසිය විසින් සොයාගෙන ඇත.

කෝසල ද සිල්වා යනු සංවිධානාත්මක අපරාධකල්ලි සමග පැවති සම්බන්ධතා මත අපරාධ විමර්ශන අංශවල අවධානයට ලක් වී සිටි පුද්ගලයෙක් බව අනාවරණය වේ. ඔහුට අපරාධ ඉතිහාසයක් තිබී ඇති අතර 2014 සහ 2015 වසරවලදී සිදු වූ පුද්ගල ඝාතන දෙකකට ද ඔහු ගේ ඇති  සම්බන්ධය විමර්ශන අංශ විසින් අනාවරණය කරගෙන තිබේ. මින් පෙර ජීව උණ්ඩ තොගයක් සමග අත් අඩංගුවට පත් මේ පුද්ගලයා බන්ධනාගාරගතව සිට ඇත.

මොහු සම්බන්ධව බරපතලම සිද්ධිය සටහන් වන්නේ සමයං ඝාතනයට අදාල කළුතර එතනමඬල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමේ සිද්ධියේ දීය. එම අපරාධයේ දී මේ  තැනැත්තා තුවාල ලැබූ අපරාධකරුවන් සඟවාගෙන   ඔවුන්ට ප්‍රතිකාර කිරීම කර ඇති බවත්, එම සිද්ධියට අදාලව ඔහු අපරාධයට ආධාර අනුබල දීම යටතේ අත්අඩංගුවට පත්ව ඇති බවත් විමර්ශන අංශ හෙළි කරයි.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

අද සිදුවූ ඝාතනයෙන් පසු  කෝසල ද සිල්වාගේ  ජංගම දුරකථනය අස්ථානගතව තිබිණි.  ඒ පිළිබඳ ඇල්පිටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සිදුකළ සොයාබැලීමේදී එය මරණකරුගේ මස්සිනා කෙනෙක් විසින්  එම දුරකථනය සඟවාගෙන සිටියදී සොයාගෙන තිබුණි.

එම දුරකථනය පරීක්ෂා කිරීමේදී හෙළි වී ඇත්තේ, ඝාතනය වූ න් කෝසල ද සිල්වා සමග  බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ලොකු පැටී නම් අපරාධකරු   ඊයේ (22) රාත්‍රියේත් දුරකථනයෙන් සම්බන්ධවී ඇති බවය.

විශේෂත්වය වන්නේ ඝාතනයට ලක් වූ පුද්ගලයා සමග ලොකු පැටී   පමණක් නොව ඔහුගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වන කරන්දෙණියේ සුද්දා  ද   සබඳතා පවත්වා ඇති බව අනාවරණය වීමය.

එමෙන්ම ඔහු කොස්ගොඩ සුජී හා ඔහුගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වන ඌරගහ ඉන්දික වැනි අපරාධකරුවන් සමගත් ඔහු සමීප සබඳතා පවත්වා ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබේ. ඔවුන්ගේ කළු සල්ලි  පරිපාලනය මේ තැනැත්තා විසින් සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වන්නේ යැයි විමර්ශන අංශ පවසයි.

මේ සංකීරණ ජාලය තුළ  ඝාතනය කුමන පාර්ශ්වයකින් මෙහෙයවූවාද යන්න පිළිබඳ විමර්ශනය කිරීමත් අපහසු තත්ත්වයක් ඇති කර ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන දකුණු පළාතභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ අධීක්ෂණයෙන්, ඇල්පිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ට පොල්ස් අධිකාරී ලකී රන්දෙණිය සහ ගාල්ල අපරාධ කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරී නාමල් පෙරේරාගේ  ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මකය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාලිමාව කොළඹ මහ නගර සභා අය – වැය පරදී…

Next Post

කොහුවලදීත් වෙඩි තැබීමක්… බරපතල තුවාල සහිතව 25 හැවිරිදි තරුණයෙක් කළුබෝවිල රෝහලට…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.