තමන් රාජකාරි නිමා කර නිවසට ගමන් කරමින් සිටියදී රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත පද්මකුමාර ඇතුළු පිරිසක් විසින් තමනට පහර දී තම යතුරුපැදිය පැහැරගෙන ගිය බවට සූරියකන්ද පොලිසියේ කොස්තාපල් කෙනෙක් කළ පැමිණිල්ලකට අනුව ඇඹිලිපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ විමර්ශන ආරම්භ වී ඇතැයි පොලිසිය පවසයි.
සූරියකන්ද පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ තවත් පොලිස් නිලධාරීන් කීප දෙනෙක් විසින් ගංජා වගාවක් සම්බන්ධව චෝදනා කරමින් සමාජ මාධ්‍ය තුළ දැඩි කැළඹීමක් ඇති කරවනු ලැබුවේ පාර්ලිමේන්ත මන්ත්‍රී ශාන්ත පද්මකුමාරට එරෙහිවය.
මන්ත්‍රීවරයා මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් තමන්ට සිදුවන හානිය සම්බන්ධව මෙම නිලධාරීන් සහ ප්‍රාදේශීය දේශපාලකයින් ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ද ගෙන්වා වරප්‍රසාද කමිටුව හමුවේ ප්‍රශ්න කරවන ලෙස ඉල්ලා සිටි පසුබිමක දී මේ සිදුවීම වාර්තා වී ඇත.
කෙසේ වෙතත් ශාන්ත පද්මකුමාර මන්ත්‍රීවරයා ද මේ වනවිට තමන්ගේ කැබ් රථය පොලිස් නිලධාරියා විසින් යතුරුපැදිය හරස්කර නවත්වා තමන්ට පහර දීමට සැරසුන බවට කොලොන්න පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර ඇත.
පොලිස් කොස්තාපල් ගේ ප්‍රශ්වාස වාතයේ ඇල්කොහොල් ගඳ වහනයවන නමුත් මුත්‍රා සාම්පලවල මත්ද්‍රව්‍ය සාන්ද්‍රනය නොමැති බවත් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ රුධිර සාම්පලවලින් ඔහුගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන තහවුරු කරගන්නා බවත් පොලිසිය මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාවේ දැක්වේ.
පොලිසිය නිකුත් කර ඇති නිවේදනය මෙසේය.








