ජයකාන්ත ලියනගේ – බළපිටිය –
ඇල්පිටිය දූෂණ මර්දන ඒකකය කරන්දෙණියේ 03 කනුව ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ රුපියල් කෝටි 09 කට වැඩි වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අද (21) පෙරවරුවේ අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම මත් ද්‍රව්‍ය තොගය කොටස් ලෙස අලවි කිරීම සඳහා සකස් කර තිබූ බව මූලික පොලිස් විමර්ශන වලින් අනාවරණය වී ඇතැයි ඇල්පිටිය දූෂණ මර්දන ඒකකය කියයි. මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලබා දීමට කටයුතු කරන බව ඇල්පිටිය දූෂණ මර්ධන ඒකකය කියයි.
ඇල්පිටියේ කොට්ටාසයේ දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුක්ෂාන්ට ලැබුන තොරතුරක් මත කළ වැටලීමකින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්රැම් 08 කට වැඩි ප්‍රමාණයක් මෙසේ අත් අඩංගුවට ගෙන තිබේ.
දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, ගාල්ල දිසා නියෝජ්‍ය පොලිස් පති ජගත් සේරම් යන නිලධාරීන් ගේ අධික්ෂණය මත ඇල්පිටිය ජේෂ්ඨ පොලිස් අධිකාරී ආර් රන්දෙනියගේ මෙහෙයවීම මත මෙම වැටලීම සිදුකර තිබේ.
ඇල්පිටියේ කොට්ටාස අපරාධ මර්ධන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බස්නායක, දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුක්ෂාන් පොලිස් සැරයන් වරුන් වන ක්‍රිෂාන්ත (5462), ජයලාල් (58469), පොලිස් කොස්තාපල් වරුන් වන උදයකුමාර (82030), ජයසුරිය (106907), විතානච්චි (106103), සිවිල් ආරක්ෂක (10864) අජිත් යන නිලධාරීන් වැටලීම සිදුකර තිබේ.







