කෑගල්ල මහා භද්‍රකාලි දේවාලයේ කපු මහතා වන ධම්මික බණ්ඩාර නමැත්තා සකස් කළ කොවිඩ් සුව වන බව කියන පැණියේ සංයුතිය පිළිබඳ කාර්මික තාක්ෂණ ආයතනයේ විශ්ලේෂණ වාර්තාව ඒ පිළිබඳ සොයාබැලීමට පත්කළ විශේෂඥ කමිටුවට භාරදී තිබේ.
කාර්මික තාක්ෂණ ආයතනය එම වාර්තාව සකස් කරන ලද්දේ අදාළ විශේෂඥ කමිටුවේ ඉල්ලීමක් මත ය.
ඒ අනුව මෙම වාර්තාව ඔස්සේ ඖෂධය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට විශේෂඥ කමිටුව සූදානමින් සිටී.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් පත්කළ මහාචාර්ය සේනක පිලපිටියගේ සහභාගිත්වයෙන් යුත් මෙම විශේෂඥ කමිටුවට විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, මහාචාර්ය සිසිර සිරිවර්ධන, මහාචාර්ය සරෝජ ජයසිංහ, මහාචාර්ය ලේකම්වසම්, මහාචාර්ය ජනක ද සිල්වා, මහාචාර්ය සෑම් කුලරත්න, මහාචාර්ය කමනි වනිගසූරිය යන අය ඇතුළත් වෙති.







