සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් මරණ 03ක් වාර්තා කළේය.
එම මරණ තුනම වාර්තා වන්නේ කොළඹ බල ප්‍රදේශය තුළය. කොළඹ 14 පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙක්, කොළඹ 15 පදිංචි 85 හැවිරිදි පුද්ගලයෙක් හා 84 හැවිරිදි පුද්ගලයෙක් මිය අය අතර වෙති. කොළඹ 15 පදිංචි 85 හැවිරිදි පුද්ගලයා මිය ගොස් ඇත්තේ නිවසේ දීය. මෙම මරණ තුනම වාර්තා කර ඇත්තේ ඊයේ ය.
මේ වනවිට මිය ගිය මුලු කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 157කි. රජය ඒ පිළිබඳ නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.