දිනසේන රතුගමගේ –
යාපනයේ පේදුරුතුඩුව හාට්ලි විද්‍යාලයේ සිසුවෙකු සර්ප දෂ්ඨනයකට ගොදුරු වීම නිසා ඔහුට වෛද්‍යවරුන්ගේ හා හෙදියන්ගේ දැඩි අධීක්ෂණය මත විභාගයට පෙනී සිටීමට බලධාරීන් අවසර ලබා දී තිබේ. මේ සිද්ධිය වාර්තා වන්නේ පසුගිය සිකුරාදාය (21) ය.
මෙම සිසුවා විභාගයට පෙනී සිටීමට අදාල විභාග මධ්‍යස්ථානය වෙත පැමිණෙමින් සිටියදී විදුහල් පරිශ්‍රය තුළදීම ඔහුට විෂ සහිත සර්පයෙකු දෂ්ඨ කොට තිබේ.
වහාම විභාග කාර්ය මණ්ඩලය එම සිසුවා පේදුරුතුඩුව රෝහලට රැගෙන ගොස් පළාත් අධ්‍යාපන බලධාරීන්ගෙන් උපදෙස් පතා ඇත.
එම අවස්ථාවේදී ඔහුට විභාගයට පිළිතුරු ලිවීමට හැකිනම් වෛද්‍ය නිර්දේශයන් මත ඊට අවස්ථාව සලසා දෙන ලෙස විභාග කාර්ය මණ්ඩලයට උපදෙස් ලැබී තිබේ.
ඒ අනුව විභාග නිලධාරීන් කීප දෙනෙකුගේ අධීක්ෂණය මත හා වෛද්‍යවරුන්ගේ හා හෙදියන්ගේ රෝගී පරීක්ෂාව යටතේ ඔහුට විභාගයට පිළිතුරු සැපයීමට අවස්ථාව සලසා දී ඇත.
විභාගයට පිළිතුරු ලිවීමට ශිෂ්‍යායට රෝහල තුළදී අවස්ථාව උදා වූවත් ඔහුට වෛද්‍ය නිර්දේශයන් මත ආපසු නිවසට යාමට අවස්ථව සැලසී ඇත්තේ ඊට පසුදිනය.
සර්පයෙකු දෂ්ඨ කළ පසුව රෝගියා පැය 24 ක් යනතුරු රෝහලේ රඳවා තබා ගෙන වරින් වර රුධිර පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය නිසා එම තත්ත්වය උදා වී තිබේ.







