මනම්පිටිය නිමල් ජයරත්න –
නිධන් හොරුන්ගේ ග්රහණයෙන් ව්‍යසනයට ලක් වෙමින් ඇති පොළොන්නරුවේ ජල ගැලීම් නිම්න රක්ෂිතයට මායිම්ව ඕනෑගම පිහිටා තිබෙන අනුරාධපුර යුගයේ මුල් කාලයට අයත් වෙහෙරගොඩයාය පුරාවිද්‍යා රක්ෂිතයේ අභාවයට පත් වූ අතිශය පෞරාණික ආමික නටබුන් දැක බලා වන්දනාමාන කිරීමත්, අනාගතය වෙනුවෙන් එම ඓතිහාසික පුදබිම පුරාවිද්‍යාත්මකව සංරක්ෂණය කිරීමට අවශ්‍ය අනුග්‍රහය ප්රදානය කිරීමත් සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශ්‍රී ලංකාවේ ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය කටුගස්තොට උපරතන නායක හිමියෝ ඊයේ (22) එම පෞරාණික භූමිය වෙත වඩම කළහ.
උන්වහන්සේගේ මැදිහත්වීමෙන් මෙම ශාස්ත්‍රීය කටයුත්තට අනුග්‍රහය දක්වන්නේ ඇමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවය.
වෙහෙරගොඩයාය ආරමික භූමිය අනාවරණය කරන්නේ ඉතිහාසයේ වෙනස්ම කාල වකවානුවකි. අනුරාධපුර යුගයේ මුල් භාගයේ සිට පොලොන්නරුවේ ස්ථාපිත වූ සමෘද්ධිමත් බෞද්ධ ඉතිහාසයක කතාව වෙහෙරගොඩයාය ආරාමික භූමියෙන් ප්‍රකාශ විය. මේ ඉතිහාස කතාව පිළිබඳ සාධක පොලොන්නරු යුගයේ මහා පැරකුම්බාවන් අතින් සංවර්ධනයය වූ පොලොන්නරුවේ ඇතුළු නුවර පිහිටි ගෝපාල පබ්බතය භූමියෙන් ද හඳුනා ගත හැකිය. එහෙත් එවැනි අතීත නටබුන් පොලොන්නරුවේ විරලය.
වෙහෙරගොඩයාය පුදබිමේ අනුරාධපුර යුගයට අයත් චෛත්‍ය දෙකක නටබුන් ශේෂ වී තිබේ. එම නටබුන් නිධන් හොරුන් විසින් ව්‍යසනයට ලක් කර ඇත. භූමියේ මතුපිට නටබුන් අවිධිමත්ව තැන තැන විසිරී තිබේ. කොරවක්ගල්, මල් ආසන, වෙනත් ශෛලමය නටබුන් ව්‍යසනයට ලක් වෙමින් තිබේ.
මෙම අවස්ථාවට එක් වී සිටි වෙහෙරගොඩයාය පුදබිම සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය නිකපිටියේ චන්දිම හිමිපාණන් උපරතන පාරමිතා පදනම් මේ සාමාජිකයින්ද, ගම්මුන් විශාල පිරිසක් ද එක්ව එක්ව සිටියහ.
කැණීම් හා සංරක්ෂණ කටයුතු සිදුකරන ආකාරය සම්බන්දව ඉදිරියේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමග නිල වශයෙන් සාකච්ඡා පවත්වනු ඇති බව වාර්තා වේ.







