-
පෙළපාළි තුනකින් රැළිය පැවැත්වෙන භූමියට පැමිණිමට ඇති සැලසුමක්… දරුවන්ට විභාගයට පැමිණෙන්නට ඇති අවකාශයට බාධා නොකරන්නයි පොලිසියෙන් අවවාද…
අද දිනයේ පැවැත්වෙන උසස් පෙළ විභාගයට අවහිරයක් නොවන ආකාරයට ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරන ලෙස උපදෙස් දී විපක්ෂයේ ඒකාබද්ධ ජන රැළියේ සංවිධාකයින්ට ලබා දුන් කොන්දේසිය සහිත අවසර උල්ලංඝනය කරමින් මහා මාර්ගයේ සවි කර තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර ගලවා දැමීම අද ( 21) පොලිසිය විසින් සිදුකළේය.
මේ ආකාරයෙන් මග දෙපස ශබ්ද විකාශන යන්ත්‍ර සවි කර තිබුණේ ජන රැළිය පැවැත්වෙන ස්ථානයට මීටර 500ක් පමණ දුරින් උසස් පෙළ විභාගයේ ප්‍රධාන විභාග මධ්‍යස්ථානයක් වූ නුගේගොඩ සමුද්‍රදේවී බාලිකා විද්‍යාලය පවතින පසුබිමකය.
එමෙන් රථවාහන සැලැස්ම සකස් කළ රථවාහන පොලිසිය සංවිධායකයින්ට අවධාරණයෙන් උපදෙස් දී ඇත්තේ නුගේගොඩ පසුකර යන උසස් පෙළ පාසල් සිසුන් වෙත අනවශ්‍ය වාහන තද බදයකට ලක් නොවී රැස්වීම පැවැත්වෙන ස්ථානය අසලින් ගමන් කිරීමට අවස්ථාව සලසා දිය යුතු බවය.
ඒ උපදෙස් ලබා දී තිබුණ හවස 2ට ආරම්භවන ජන රැළියට මාර්ග කීපයක් ඔස්සේ පෙළපාළි ලෙස ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය වෙත ජනතාව ගෙන්වීමට සංවිධායකයින් කටයුතු කර තිබේ.
කෙසේ වෙතත් කුමණ තත්ත්වයක් තුළ සමුද්‍රදේවී බාලිකා විද්‍යාලය, අනුලා විද්‍යාලය, ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලය ඇතුළු නගරයේ ප්‍රධාන පාසල් ගණනාවක උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් අනවශ්‍ය වාහන තදබදයකට ලක් නොකර ඔවුන් විභාග මධ්‍යසථාන වෙත ගමන් කරවීමේ වගකීම ද රැළිය සංවිධායකයින්ට පැවරී තිබේ.







