සීනිගම, තෙල්වල ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනා දින හතක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
මත්ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගන්නේ පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආර්.එම්.පී ජයකැළුම්ගේ අධික්ෂණයෙන් කළ විශේෂ මෙහෙයුමකදිය.
එහිදි සොයා ගත් හෙරොයින් තොගයේ බර කිලෝග්රැම් 5 යි ග්රැම් 416කි.
සැකකරුවන් සතුව තිබි රුපියල් එක්කෝටි අට ලක්ෂ එකොළාස් දහස් පන්සියයක මුදල ක් ද සොයාගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, සැකකරුවන් එම මත්ද්‍රව්‍ය තොගය මුහුදේ සිට බෝට්ටුවකින් ගොඩබිමට රැගෙනවිත් ඇති බවය.
ඒවා ප්‍රවාහනය කළ බෝට්ටුව ද විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ හෙරොයින් තොගය හික්කඩුව පොලීසියට භාර දී තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මේ වනවිට සිදුකරමින් ඇත.







