-
ඇයගේ දෙවැනි පුතාත් මාසයකට පෙර හෙරොයින් ග්‍රෑම් 25ක් සමග පෑලියගොඩ දී අත් අඩංගුවට අරන්…
අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයෙකු හෙරොයින් කිලෝ එකකට අධික ප්‍රමාණයක් සමග අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගෙන ඇත්තේ ජාතික ජනබලවේගයේ පෑලියගොඩ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියකගේ සැමියෙකි.
මීට සතියකට පමණ පෙර එප්පාවල නල්ලමුදාව පාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් 30 හැවිරිදි පුද්ගලයෙකුගෙන් ලද තොරතුරක් මත මෙම පුද්ගලයා අත් අඩංගුවට ගැනිමට අදාල වැටලීම කර තිබිණි..
මෙම හෙරොයින් තොගය සොයා ගනු ලබන්නේ මෙම විදුහල්පතිවරයාට අයත් හෝටලයක් පසුපස වළ දමා තිබියදී ය. එහි හෙරොයින් කිලෝ ග්‍රැම් 1යි ග්‍රෑම් 185ක ප්‍රමාණයක් තිබු බව විමර්ශන අංශ පවසයි.
විදුහල්පති විසින් ඒ අසල පිහිටි වැවකට දමා තිබූ මත්ද්‍රව්‍ය මැනීමට භාවිතා කරන විද්‍යුත් තරාදියක් සහ පොලිතීන් සීලර් යන්ත්‍රයක් ද පොලිසිය විසින් සොයා ගෙන ඇත.
ජා.ජ.බ මන්ත්‍රීවරියගේ සහ එම විදුහල්පතිගේ පුත්‍රයා ද මීට මාසයකට ඉහත දී හෙරොයින් ග්‍රෑම් 25ක් සමග අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.







