අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සියලුම ප්‍රවේශ පත්‍ර තැපෑලට යොමුකර ඇති බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
මෙවර උසස් පෙළ විභාගය ලබන 10 වැනිදා ආරම්භ වීමට නියමිතය. විභාග අපේක්ෂකයින් සංඛ්‍යාව තුන්ලක්ෂ හතලිස් දහස් පන්සිය විසි පහකි. විභාග මධ්‍යස්ථාන දෙදහස් තුන්සිය පනස් පහක විභාගය පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබේ.
විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ සඳහන් කළේ විභාග ප්‍රවේශ පත්‍රයේ යම් සංශෝධනයක් කරගැනීමට අවශ්‍ය නම් වහාම විභාග දෙපාර්තමේන්තුව අමතන ලෙසය.
“ දරුවන්ට විශේෂයෙන්ම දැනුම් දෙන්න ඕන… මේ වනවිට ඔබට ලැබිලා තියන ප්‍රවේශ පත්‍රය හොඳින් කියවලා ඔබගේ නම නිවැරදිව තියනවාද, ඔබගේ විභාගයට පෙනී සිටින විෂයයන්වල විෂය අංක සහ විෂය නිවැරදි ද?, විභාගයට පෙනී සිටින විභාග මාධ්‍ය නිවැරදිව සඳහන් වෙලාද බලන්න කියලා මම ඉල්ලා සිටිනවා. “
විභාග දෙපාර්තමේන්තුව අවස්ථාව සලසා දුන්නා ඔක්තොම්බර් මාසයේ 31 වැනිදා දක්වා මෙම ප්‍රවේශපත්‍රයේ යම් කිසි සංශෝධනයක් කළ යුතු නම් එය මාර්ගගතව සිදුකරන්න. මේ වනවිටත් ඔබට එය කරගැනීමට නොහැකි වුනා නම් වහාම විභාග දෙපාර්තමේන්තුව අමතලා උපදෙස් ලබා ගන්න කියලත් ඉල්ලා සිටිනවා.” විභාග කොමසාරිස් ජනරාල්වරිය කීවාය.







