අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කෙරේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු. 5 කින් අඩු කිරීමට නියමිතය.
ඔක්ටේන් 92 ලීටරයක පැවති මිල රුපියල් 299කි. සංශෝධිත නව මිල රුපියල් 294කි.
එමෙන්ම ලංකා සුපර් ඩීසල් මිල රු. 5 කින් වැඩි කෙරේ. පැවති මිල රුපියල් 313කි. නව මිල රුපියල් 318කි.
අනෙකුත් සියලුම ඉන්ධනවල මිල නොවෙනස්ව පවතී. සංශෝධිත මිල ගණන් පිළිබඳව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.







