දිනසේන රතුගමගේ –
යාපනය ප්‍රදේශය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රසිද්ධ කිරීමේ අරමුණින් ප්‍රංශයේ ජීවත්වන යාපනයේ තරුණයෙකු ලොව වටා පාපැදියෙන් ගමන් කරණ අතර ඔහු 29 දා යාපනයට පැමිණ තිබේ.
ඉනෝසන් සුරේන් නැමති මෙම තරුණයා යාපනයට පැමිණි අවස්ථාවේදි යුද හමුදාව විසින් ඔහු වෙනුවෙන් උත්සවයක් පවත්වා ඔහුව මහත් හරසරින් යුතුව පිළිගන්නා ලදී.
පසුගිය වසරේ සැප්තැම්බර් 1 වන දින ප්‍රංශයෙන් සිය ගමන ආරම්භ කළ සුරේන් , දැඩි අභියෝග මධ්‍යයේ ජර්මනිය, තුර්කිය සහ ඉන්දියාව ඇතුළු රටවල් 13 ක් හරහා ගමන් කර ඔක්තෝබර් 29 වන දින යාපනයට පැමිණියේය.
යුරෝපයේ සිට ආසියාව දක්වා කිලෝමීටර් 10,000 ක දුරක් ඔහු මේ වන විට පාපැදියෙන් ගමන් කොට ඇති අතර ඔහු පසු කරණ ලද සෑම රටකදීම යාපනයේ ඇති වටිනාකම හා සංචාරක ස්ථාන පිළිබදව ජනතාව දැණුවත් කොට තිබේ.







