ඉඳුනිල් කහටපිටිය –
රත්තරන් පුරෝගෙන ආවා සැබෑය. රත්තරන් පදක්කම්ම 16ක් ය. ඒ අතර දකුණු ආසියාවේ වේගවත්ම යුවතිය ත් සිටින්නීය. ඇය සාෆියා යාමික්ය. මීටර් 100 තරගයේදී තරගාවලි වාර්තාවක් තැබු ඇය මීටර් 200 තරගයේ දී ඉන්දියාවේ පුරාවෘත්තයක්වූ වේග රැජන පී.ටී ඌෂා 1998 දි තැබු වාර්තාව අවුරුදු 27කට පසු බිඳ බිඳ හෙළුවාය. තුන්පිම්ම කාන්තා ඉසව්ව සහ දුර පැනීම කාන්තා ඉසව්ව රනින් දිනා ගත් මදුෂාණි හේරත් ද සාෆයා සමග සිටින්නීය.
චමෝද් යෝධසිංහ – මීටර් 100 පිරිමි (තත්. 10.30) පසිඳු මල්ෂාන් – තුන්පිමිම් පිරිමි (මී. 16.19), තරිඳු දුෂාන් – උස පැනීම පිරිමි (මී. 2.17) කාලිංග කුමාරගේ – මී. 400 පිරිමි (තත්. 46.21), හර්ෂ කරුණාරත්න – මී. 800 පිරිමි (මි. 1:51.96), දසුනි කෞශල්‍යා – මීටර් 400 කඩුලු කාන්තා (තත්. 58.66), රසාරා විජේසූරිය – මී. 10000 කාන්තා (මි. 34:39.95), රුමේෂ් තරංග – හෙල්ල විසිකිරීම පිරිමි (මී. 84.29), දිල්හානි ලේකම්ගේ – හෙල්ල විසිකිරීම කාන්තා (මී. 60.14), මීටර 100 සහාය දිවීම කාන්තා සහ පිරිමි ශූරතා වෙනුවෙන් දිනූ රන් පදක්කම් සහිතව පැමිණ තිබුණේය. රිදී පදක්කම් 14ක් සහ ලෝකඩ පදක්කම් 10ක් ලෙස සමස්ත පදක්කම් 40ක් අපේ කණ්ඩායමටය.
බරට පදක්කම් අරන් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට ආවේ අළුයමය. ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ ගුවන් තොටුපලට ගියා සැබෑය. ඒත් ඇත්ත වශයෙන්ම කියනවා නම් සෙව්වන්දි කිවයිනට ආව එවිල්ලට පැත්තකින්වත් ඒ පැමිණීම තියන්නට බැරිය.
ගැම්ම තිබුණේ සෙව්වන්දි ආපු දවසේය. පැයෙන් පැය ලොකේෂන් කියන්නේය. ෆ්ලයිට් එක ට්‍රැක් කරගෙන ගුවනින් එන කලාපත් දැනුම් දෙන්නේය. මීඩියා කෙලින්ම ගුවන් යානයේ දොරටුව අසලය. මීඩියාවල සෙව්වන්දි ආගමනය ලයිව් දෙනවාය. අපට සිරිය. රතු පලස එලුවේ නැතිව පමණය. ලස්සනට හිනාවෙලා සෙව්වන්දි ප්ලයිට් එකෙන් බහින හැටිත් පේන්නේය. ඇය යන විදිහ ඇයගේ ලතාව ඇයගේ හිනාව එක් එක ඈන්ගල්වලින් ලයිව් පෙන්වන්නේය. අනතුරුව රවුම් කරගෙන පෙන්වන්නේය.
කට්ටිය ලොබී එකට එන්නට බස් එකට නැග්ග පසු මීඩියා බස් එකටත් නග්ගන්නේය. දෙව්වන්දිගේ හිනාව කතාව ලතාව එක එක ඈන්ගල් වලින් රූපගත වන්නේය. එහෙම එකක් නම් සුසන්තිකා ඔලිම්පික් දිනාගෙන ආවාට පස්සෙවත් ලැබුන නැති එකේ සාෆියා යාමික්ට ලොවෙත් ලැබෙන්නේ නැති බව කිව යුතුය.
කාලකණ්ණි අපරාධකාර ගෑනියෙක් අත් අඩංගුවේ ගෙන එන අවස්ථාව ආවරණය කිරීමට මීඩියා සෙට් පිටින් ගුවන් යානය ලඟට යැව්වේ කවුද, එහි අරමුණ කුමක්දැයි මේ වනතුරුත් එකේක ප්‍රශ්න කර නැත. සාෆියා යාමික්ලා, මධුෂාණි හේරත්ලා, චමෝද් යෝධසිංහලා, රුමේෂ් තරංගලා, කාලිංග කුමාරගේලා ලංකාව රනින් සරසාගෙන දිවයිනට එන විට උන්ව රතු පලස දමා පිළිගන්වා ආවරණය කරන්නට මීඩියා ගුවන් යානය අසලට යැව්වේ නැත්තේ ඇයි කියා අසන්නත් එකෙක් නැත.
අප යෝජනා කරන්නේ මේ තුට්ටු දෙකේ ලාභ ෂෝ දැන් නැවැත්විය යුතු බවය. අපරාධකාර පාදඩයෙක් රටට ගෙනා විට උන් වීරයින් නොකර ගුවන් තොටුපලෙන් ගෙනියන්නට බැරි නම් ඉන් පෙන්නේ ප්රබුද්ධ ආණඩුකරණයක් නොවේ. කුණු කානුපල්ලේ වැටී කරන දුප්පත් තොරොම්බල් කිරීමක් පමණය.
එවැනි ගොබ්බ වැඩ යළිත් අපේ දෑහට පේන්නට ඉඩ නොතිබිය යුතු බව අප මේ ආණ්ඩුවෙන් කරන එකම ඉල්ලීමය.







