වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනයට සම්බන්ධ සැකකාර ඝාතකයා අත් අඩංගුවට ගැනීමට වැටලීම කළ අවස්ථාවේ දී එම ස්ථානයේ සිට පොලිස් නිලධාරීන් පොර බදා පලාගිය සැකකරුවෙකු සොයා ගැනීමට පොලිසිය මහජන සහාය ඉල්ලා තිබේ.
ඉහත ඡායාරූපයේ දැක්වෙන් කොන්තපෙන, බැඳිපිට, අඟුළුගම ප්‍රදේශයේ පදිංචි හක්මන පරණ ලියනගේ නුවන් තාරක නැමැත්තා අත් අඩංගුවට ගැනීමට පොලිසිය මෙසේ ජනතා සහයෝගය පතා ඇත.
මෙම සැකකරු අඩි 5 අගල් 6ක් පමණ උසැති අතර, දකුණු අතේ ඉහළ බාහුවේ ඉංග්‍රීසියෙන් ANURADA ලෙස ද වම් අතේ ” හිතුමතේ ජීවිතේ ” ලෙස පච්ච සලකුණු කොටා තිබේ.
මොහු සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් පනත දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටී.
- පොලිස්පතිට කියන්න (WhatsApp) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය
- 071 859 8888
- 011 233 7162/071 859 2087
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව, දකුණු පළාත් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශ, මාතර හා අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශ, පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුධ හමුදා නිලධාරීන් ඒකාබද්ධව පලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරමින් පවතී.







