ලබන වසර සඳහා පාසල්වල 1 ශ්‍රේණියට සහ 6වන ශ්‍රේණියට පෙළ පොත් ලබා නොදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරත්න ප්‍රකාශ කළේ මෙම සිසුන් සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ක්‍රියාකාරකම්, පොත් සහ මොඩියුල හඳුන්වා දෙන බවය.
ඒවා මුද්‍රණය මේ නවිට ආරම්භ කර ඇති බව ද අමත්‍යවරයා කීවේය.
මෙම සිසුන්ගේ පාසල් පොත් බෑගය සැහැල්ලු වනු ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
“ අපේ අධ්‍යාපන ප්රතිසංස්කරණයත් එක්ක එක සහ හය වසර වසර අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට යටත් වෙනවා ලබන අවුරුද්ද වෙනුවට. අනෙක් වසරවලට පෙළපොත් දෙනවා. හය වසර සඳහා මොඩියුල් 106ක් දෙනවා. ප්‍රථාමික අධ්‍යාපනයට ක්‍රියාකාරී සැලසුම් සම්බන්ධ පොතක් තමයි නිකුත් වෙන්නේ . මේ අවුරුද්ද අවසානයේ දි මොඩියුල සහ පෙළපොත් බෙදා හැරීම සිදුකරන්නේ අධ්‍යාපන ප්‍රකාශන දෙපර්තමේන්තුව මගින්.
මොඩියුල ක්රමයේ තියන එක වැදගත් දෙයක් තමයි දරුවාගේ පාසල් පොත් බෑගයේ බර අඩු කිරීම. එක් විෂයයක් කොටස් ගණනකට බෙදලා මොඩියුල හැදෙන්නේ. දවසකට ඉගෙන ගන්න මොඩියුල සංඛ්‍යාව සීමා සහිතයි. ඒ නිසා පොත් බෑගයේ බර සැහැල්ලු කරලා තියනවා.
එමෙන්ම විෂය බරත් එහෙමයි. විෂය බරත් සැහැල්ලු කර තිබෙන බව ඇමතිවරයා පැවසුවේය.







