-
AI තාක්ෂණය හරහා නිරුවත් ඡයා රූප සකස් කර දුරකථන අංකයක් යොදා සමාජ මාධ්‍යයට ව්‍යාජ ගිනුමකින් මුදා හැර නිතිඥවරිය ලෙස අවුරුදු 02ක් සල්ලාලයන් සමග ලිංගික කතා සල්ලාප පවත්වලා… නීතිඥයාගේ කුපාඩිකම ගැන නීතිඥවරිය දැනගන්නේ අවුරුදු 02කට පස්සේ…
විවෘත විශ්වවිද්‍යාලයේ තමන් සමග එක කණ්ඩායමේ අධ්‍යාපනය ලද සහෝදර නීතිඥවරියකගේ ඡායා රූපයක් මුහුණු පොතෙන් උපුටාගෙන AI තාක්ෂණය ඔස්සේ නිරුවත් ඡායාරූපයක් නිර්මාණය කර ඇයගේ සත්‍ය නාමයෙන් දුරකථන අංකයක් සමග වට්ස් ඇප්, ටෙලිග්‍රෑම් සමූහ ඇතුළු සමාජ මාධ්‍ය වෙත මුදා හැර වසර දෙකක් තිස්සේ ඇය ලෙස පෙනී සිටිමින් පුද්ගලයින් සමග ලිංගික ගනුදෙනු පිළිබඳව සංවාදයක් පවත්වාගෙන ගිය නීතිඥයෙක් අද (14) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගමගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වූයේය.
පරිගණක අපරාධ ඒකකය මගින් සිදු කරනලද තාක්ෂණික විමර්ශනයකින් අනතුරුව උක්ත සැකකාර නීතිඥයා 2025/10/03 දින අත් අඩංගුවට ගෙන තිබිණි. අධික දියවැඩියා රෝගයෙන් පෙළෙන මෙම සැකකාර නීතිඥයාගේ කකුලේ ඇඟිලි කීපයක් ද ඉවත් කරන ලද ශල්‍යකර්මයක් මෑතකදී සිදුකර ඇති බැවින්, සැකකරු ඇප මත මුදාහැරිමට තීරණය කර අද දින නඩුව යළි කැඳවූයේය.
කොළඹ ප්‍රදාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක B 41701/01/25 ට අදාළව ඉදිරිපත් වූ මෙම නඩුවේ විත්තිකරු වූයේ කිංසි සඳුන් සංජීව නැමැති නීතිඥයෙකි. ඔහු වසර දෙකක කාලය තිස්සේ වින්දිත නීතිඥවරියගේ විවිධ ඡායා රූප විකෘති කර සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගෙන ඇති බව අද අධිකරණයේ දී හෙළි විය.
පැමිණිලිකාර නීතීඥවරිය තමන්ගේ නමින් තමන්ට කර ඇති අපරාධය දැනගනු ලබන්නේ වසර දෙකකට පමණ පසු බවත් ඒ බව හෙළි වන්නේ සමාජමාධ්‍ය තුළ එම සටහන් දුටු වෙනත් හිතවතුන්ගෙන් සහ තම සැබෑ මුහුනුපොත හරහා සම්බන්ධ වීමට උත්සාහ දැරූ නීතිඥ සහාය පැතූ පුද්ගලයන්ගෙන් බවත් අනාවරණය විය.
ඒ අනුව පරිගණක අපරාධ විමර්ශන ඒකකය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් පසු මෙම සැකකාර නීතිඥයා අත් අඩංගුවට ගෙන තිබිනි. අද නඩුව කැඳවූ අවස්ථාවේ දී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම සැකකරුව දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කරමින් කීවේ මේ හැසිරීම නීතීඥ වෘතියට කිසිසේත්ම නුදුදුසු බවය.
ඒ පිළිබඳ තමන් විසින්ද නඩු වාර්තාවේ සටහනක් යොදන බව කී විනිසුරුවරයා,අගතියට පත් පාර්ශවයට ඉක්මනින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොනු කරන ලෙසත් උපදෙස් දුන්නේය.
අනතුරුව 2025/10/28 වන දින නඩුව යළි කැඳවීමට නියෝග කරන ලදී.
අගතියට පත් නීතීඥවරිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ ජාලිය සමරසිංහ සහ නීතීඥ උදුල් ප්‍රේමරත්න ඇතුළු නීතීඥ කණ්ඩායමක් පෙනී සිටියේය.







