ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස හෙට දිවයිනට රැගෙන ඒමට පියවර ගනිමින් ඇතැයි පොලිසිය පවසයි.
ඉෂාරා සෙව්වන්දි ඇතුළු තවත් සැකකරුවන් හය දෙනෙක් මෙහිදී අත් අඩංගුවට ගනු ලැබූ ඇත. ඒ අතර කෙනඩි බැස්ටියන් පිල්ලේ හෙවත් ජේ.කේ. බායි නැමැත්තා ද වන බව පොලිසිය හෙළි කරයි. මේ පිරිසට ගම්පහ සහ නුගේගොඩ පදිංචි කරුවන් දෙදෙනෙක්, යාපනයේ පදිංචි යුවලක් ද ඇතුළත්ව ඇත.
නේපාලයේ රැඳී සිටිනා ජේ.කේ. බායි නැමැත්තා විසින් ඉෂාරා සෙව්වන්දි රටින් පන්නාගෙන නේපාලයට ගෙන්වාගෙන ඇති බවත් ඔහු සහ ඉෂාරා සෙව්වන්දි නේපාලයේ කත්මන්ඩු නුවරට කිලෝ මීටර 19ක් දුරින් පිහිටි තට්ටු නිවසක රැඳී සිටිය දී අත් අඩංගුවට පත් වූ බවත් මේ වනවිට විමර්ශන අංශ ප්රකාශ කර තිබේ.
කොළඹ අලුත්කඩේ අධිකරණයේ අංක 05 ශාලාවේ දී ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කළ ඝාතකයාට ගිනි අවිය ලබා දී ඇත්තේ ඉෂාරා සෙව්වන්දි බව අනාවරණය වීමෙන් පසු ඇය සොයා රටපුරාම විශේෂ මෙහෙයුම් දියත් වී තිබිණි. එහෙත් ඇය රටින් පැන ගොස් ඇති බව පසුව අනාවරණය විය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නේපාලයේ ආරක්ෂක අංශ සමග කළ විශේෂ මෙහෙයුමක දී මෙම අත් අඩංගුවට ගැනීම සිදුකර ඇත.







