නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවතේ හෝටලයක පිහිනුම් තටාකයක් තුළ දියේ ගිලී පස් හැවිරිදි දරුවෙක් මියෑම සම්බන්ධයෙන් දරුවා ඉගෙනුම ලබන පෙර පාසලේ සහකාර විදුහල්පතිවරයා ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි.
පෙරේදා (08) පස්වරුවේ මෙම දැරුවා ඇතුළු දරුවන් කණ්ඩායමක් ගුරුවරුන් හා පුහුණුකරුවන්ගේ අධීක්ෂණය යටතේ පිහිනුම් ක්‍රීඩාවේ පුහුණු වෙමින් සිටිය දී මෙම අනතුර සිදුවී තිබිණි.
දියේ ගිලුනු දරුවා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබිණි. දරුවාගේ දේහය පිලිබඳ ඊයේ සිදුකළ දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විවෘත තීන්දුවක් ලබා දුන්නේය.
සිදුවීම සම්බන්ධව අත් අඩංගුවට ගත් අය අතර පෙරපාසලේ සහකාර විදුහල්පතිවරයා, ක්‍රීඩා සම්බන්ධීකරණ නිලධාරී, ළමුන් භාරව සිටි ගුරුවරු දෙදෙනකු ,පෙර පාසල් සේවිකාවක හා පිහිනුම් උපදේශකයින් දෙදෙනකු ඇතුළු හත් දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.







