සූරියවැව නුවන් ජයසේකර –
ඊයේ (09)රාත්‍රියේ සැකකටයුතු ලෙස හැසිරෙමින් සිටි හිමි නමක් කතරගම පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී කසිප්පු ස්ප්‍රිතු සොයා ගැනීම හේතුවෙන් මෙම තැනැත්තා අත්අඩංගුවට ගැනිමට පොලිසිය කටයුතු කර තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැකිරාව ප්‍රදේශයේ විහාරස්ථානයක සිටින බව කියූ 41 හැවිරිදි චීවරධාරියෙකි.
අත්අඩංගුවට පත් චීවරධාරියා සන්තකයේ තිබී කසිප්පු බෝතල් බාගයකට වඩා වැඩි ප්‍රමාණයක්, එනම් මිලි ලිටර් 450ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාර චීවරධාරියා සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදි අනාවරණය වී ඇත්තේ 2020.08.20 දින බීමත්ව රිය පැදවීම සම්බන්ධ වරදට තඹුත්තේගම පොලිසිය මගින්ද, 2022.04.30 දින වරෙන්තුවකට අදාලව නොච්චියාගම පොලිසිය මගින්ද මේ පුද්ගලයා අත්අඩංගුවට පත්ව ඇති බවය.
ඊට අමතරව විවිධ වැරදි සම්බන්ධයෙන් 2021.11.04 දින ගල්ගමුව පොලිස් ස්ථානය මගින්ද, 2023.04.22 දින අනුරාධපුරය පොලිස් ස්ථානය මගින්ද, 2024.01.07 දින කුරුණෑගල පොලිස් ස්ථානය මගින්ද, 2024.05.22 දින මාතර පොලිස් ස්ථානයමගින්ද, 2024.06.09 දින පොල්ගහවෙල පොලිස් ස්ථානය මගින්ද,2024.11.05 දින කතරගම පොලිස් ස්ථානය මගින්ද, 2025.03.27 දින කොස්ගම පොලිස් ස්ථානය මගින්ද ඔහු අත්අඩංගුවට පත්ව ඇති බවය.
කතරගම පොලිස් ස්ථානාධිපති වරයාගේ උපදෙස් පරිදි පොලිස් සැරයන් (24902) උපුල් ඇතුළු නිළධාරීන් කිහිප දෙනෙකු විසින් සැකකාර චීවරධාරියා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.







