බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශපාලන ඇරියස් කවර් කරගන්න දරුවාගෙන් පළි ගන්න එපා… ඇමති සමන්ත සීඅයිඩී යයි!

by editor
ඔක්තෝබර් 9, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්නගේ කුඩා දරුවා  මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවෙක් බවත්, දරුවා ගැන තොරතුරු පොලිසියට ලබා නොදෙන ලෙස ඇමතිවරයා පාසලේ විදුහල්පතිවරයාට බලපෑම් කරන බවත් චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුව තුළ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී  ප්‍රකාශයක් කිරීමත් ඔහු විසින්ම මෙහෙයවන සමාජ මාධ්‍ය ජාලා හරහා එම ප්‍රවෘත්තිය ප්‍රචාරය කර කිසිම පදනමක් නැති අසත්‍ය පුවත් මවා දරුවෙකුගේ අනාගතය ව්‍යසනයට ලක්කිරීමටත් එරෙහිව   අමාත්‍ය සමන්ත විද්‍යාරත්න අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කළේය.

ඔහු පැවසුවේ කිසිම පදනමක් නැති මේ සාහසික අපරාධය සිදුකර තමන්ගෙන් පළිගැනීම වෙනුවට තම දරුවන්ගෙන් ද පළිගන්නා තරමට විපක්ෂයේ දූෂිතයින් කලබල වී ඇති බවය.

ඔහු ප්‍රකාශ කළේ මේ පිළිබදව නීතිය ක්‍රියාත්මක වනු ඇතැයි තමන් විශ්වාස කරන බවය. අද මේ සිදුවීම් පෙළ ඉඟි කරමින් අගමැතිනී ආචාර්ය හරිනී අමරසූරිය පාරලිමේන්තුවේ විපක්ෂයෙන් ඉල්ලා සිටියේ දේශපාලනයේ දී විවේචන සහ දේශපාලන ප්‍රහාර එල්ල කිරීම වැඩිහිටි අප අතරට පමණක් සීමා කරගන්නා ලෙසත් දරුවන්ගේ අනාගතය ව්‍යසනයට ලක් කරමින් ඔවුන් විනාශ කිරීමේ ම්ලේච්ඡත්වයට නොපැමිණෙන ලෙසත්ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට සිය පැමිණිල්ල යොමු කර පැමිණි අමාත්‍යවරයා මාධ්‍ය අමතා මෙසේ කරුණු පැහැදිලි කළේය.

“ඊයේ දවස සිට පාර්ලිමේන්තු වරප්‍රසාද සහ සමාජ මාධ්‍ය භාවිතයෙන් අමුලික අසත්‍ය බොරු ජනගත කරමින් ඉන්නවා. ඒකත් එක්ක   දරුවාට සිදුවන පීඩාව සහ මානසික බිඳවැටීම්, අනෙක් පැත්තෙන් දේශපාලන ව්‍යාපාරයකට සහ රජයකට සිදුකරන අපහසුතාවයන් පිළිබඳ පැමිණිලි කරන්න තමයි අද අපරාධ පරික්ෂණ දෙපාරත්මේන්තුවට ආවේ.”

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

“මේ රටේ කුඩු තුරන් කරමින්, පාතාලය මඩිමින් නීතිය හරියට ක්‍රියාත්ම කරමින් සිදුකරන වෙනස තුළ වියරුවට වැටී සිටින දේශපාලන පක්ෂ මේ වනවිට ප්‍රහාර එල්ල කරමින් සිටින්නේ දේශපාලන පක්ෂවලට පමණක් නොවන බවත්  දේශපාලකයින්ගේ අහිංසක දරුවන්ට පවා ප්‍රහාර එල්ලවන බවත් ඇමතිවරයා කීවේය.

“ඉතාම කණගාටුයි කියන්න. අපි පාතාලයට කුඩුවලට අපරාධ වලට එරෙහි විවේචන කළා. ඒ විවේචන කරනකොට සාමාන්‍යයෙන් දරුවො ඉලක්ක කරගත්තෙ නෑ. අද දූෂිත දේශපාලනයක් කරන පාලකයින් විසින්  ද කුඩා දරුවන් පවා විවේචනයට ලක් කරමින් ඔවුන් මානසිකව බිඳ වට්ටමින් ඔවුන්ගෙනුත් පලි ගන්නවා. ඊට පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කර මවන පුවත් එයාලගේ ගෝල බාලයින් විසින් විකෘති කරමින් සමාජ මාධ්‍ය හරහා පල කරනවා. “

“මම මේ කතා කරන්න ආවේ මගේ දරුව ගැන විතරක් නෙමෙයි. ජාතික ජන බලවේගය බලයට ආවේ දරුවන්ට රටක් හදන්න. එසේ තිබිය දී ඊයේ දවසේ පාර්ලිමේන්තුවේ ඇතිවුන සිද්ධියක් පාදක කරගෙන ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකරුවන් අපේ දරුවා ඉලක්ක කරමින් අසත්‍ය ප්‍රකාශන ගණනාවක් සිදුකරනු ලැබුවා.”

“මගේ දරුවා බදුල්ල මධ්‍යමහා විද්‍යාලයේ ඉගන ගනු ලබන්නේ. විශේෂයෙන්ම කීර්තිමත් පාසලක්. අපේ දරුවා අඩුම තරමින් ඕලෙවල් විභාගයවත් ලියලා නැති දරුවෙක්. ඒ දරුවා අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා කියලා ප්‍රචාරය කරනවා. තවත් විවිධ චෝදනා කරමින් ඔවුන් සමාජ මධ්‍ය තුළ අසත්‍ය ප්‍රවෘත්තියක් ගොඩනගනු ලබනවා.”

“අප දකිනවා මේවා දේශපාලන උවමනාවට නිර්මාණය කරන දේවල්. අප හිතනවා වඩාම හොඳයි මේ ගැන විදුහල්පති තුමාගෙන් අහන එක.  එහෙම සිද්ධියක් වුනාද කියන එක. පොලිසියට දන්වන්න එපා කියලා බලපෑම් කරමින් ඉන්නවා කියලා සමාජ මාධ්‍ය තුළ ප්‍රවෘත්ති මවමින් තිබුණා.  ඒ සම්බන්ධයෙන් තොරතුරු සහිතව, කවුද ඒ ප්‍රවෘත්ති පල කළේ… කවුද ඒවා සමාජ මධ්‍යයට මුදා හැරියෙ කියන කාරණා ගැන   සොයා බලන්න කියලා අද අපි පැමිණිල්ලක්   යොමු කළා. දැන් ඔවුන්ට පුලුවන් ඇවිත් කියන්න මේ තොරතුරුවල සත්‍යාසත්‍ය තාවය ගැන. “

“අසත්‍යතාවය ඔවුන්ට පැහැදිලි කරන්න පුලුවන්. නීතියට මුහුණ දෙන්න පුලුවන්. ඒ නිසා පුලුවන් මේ ගැන දූෂිත දේශපාලකයින්ට කියන්න…  දේශපාලන දේශපාලන ගනුදෙනු අපට බේරගන්න පුලුවන්. නමුත් මේ රටේ දරුවන්ගේ අනාගතය එදත් ඔයාල   විනාශ කළා. අදත්  විනාශ කරමින් තියනවා. ඒක අපට පැහැදිලිව පේනවා. කුඩුවලට අමතරව මාධ්‍ය ඇතුළෙත් මේ රටේ දරුවන්ගේ අනාගතය විනාශ කරන්න එපා කියලා දෙමව්පියෙක් හැටියට මම මතක් කරන්න කැමතියි.”

ඇමතිවරයා මෙහිදී  කීවේ දරුවන්ගේ අනාගතය විනාශ කිරීම සඳහා දේශපාලනය හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිතා කිරීම නොකළ යුතු බවය. මේ වනවිට වියරු වැටුන පිරිස් පවුල් ජීවිත විනාශ කරමින්, අනියම් සම්බන්ධතා ගැන කතා මවමින්, මූල්‍ය චෝදනා ගැන ප්‍රකාශ කරමින් මේ නව රජය කළු රජයක් බවට වූ චිත්‍රයක් සමාජය තුළ අඳින්නට උත්සාහ කරන බව සමන්ත විද්‍යාරත්න ඇමතිවරයා පැවසුවේය. ප්‍රවේසම් විය යුත්තේ දැන් කුඩු පැකට් එකක් දරුවාගේ පාසල් බෑගයට දමා ඔහුව අත් අඩංගුවට ගැනීමට සලස්වන තත්ත්වයට මේ වියරුව පත් වී ඇති බැවින් යැයි කී ඇමතිවරයා ජාතික ජන බලවේගයට හිතවත්ව කටයුතු කරන සියලුම සහෝදරවරුන්ට කල්පනාවෙන් වැඩ කරන ලෙස ද අවවාද කළේය.

සිදුවන පරිවර්තනයත් සමග පාර්ලිමේන්තුවේ සමහර උන් සිටින්නේත් වියරුවෙන් බව කී ඇමතිවරයා තමන් කළ පැමිණිල්ල සම්බන්ධව සාධාරණ විමර්ශනයක් සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බව කීවේය.

තමන්ගේ දරුවාට  චෝදනා කරන හිටපු මහ ඇමති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට චෝදනා රාශියක් මත විමර්ශන සිදුවෙමින් ඇතැයි ද නිතිය ක්‍රියාත්මකවන විට අත්වන අවසන් ප්‍රතිඵලය මොනතරම් බිහිසුණුදැයි දන්නා බැවින් මේ පුද්ගලයාගේ වියරුව තේරුම් ගත හැකි යැයි ද ඇමතිවරයා පැවසුවේය.

මොනතරම් දූෂිත අපරාධකරුවෙක් සමග දේශපාලනිකව ගනුදෙනු කිරීමේ දී  කිසිම අවස්ථාවක ඔවුන්ගේ  දරුවන්ගෙන් ඇරියස් පිරිමසා ගැනීමට තමන් කටයුතු නොකළ බවත්  දෙමව්පියන්ගේ අපරාධවලට දරුවන් වගකිව යුතු නැති බවත් ඇමතිවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිසාම් කාරියප්පර් ජනාධිපති නීතිඥයෙක් ද?.. වගකීම් රහිත මන්දබුද්ධිකයෙක් ද?… පාර්ලිමේන්තුව තුළ ඇසුණ කතාවක්…

Next Post

නුවර 13 හැවිරිදි පාසල් සිසුන් 02ක් අතුරුදහන්…

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.