හුංගම රන්න වාඩිගල ප්රදේශයේ නිවසක් තුළ පුද්ගලයින් දෙදෙනෙක් කපා කොටා ඝාතනය කර සිටිය දී පොලිසිය විසින් සොයා ගෙන තිබේ.
පොලිසිය පවසන්නේ සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ මෙලෙස ඝාතනයට ලක්ව සිටින්නේ 28 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ අනියම් බිරිඳ බවය
මෙම යුවලට තාවාලික පදනම මත මෙම නිවෙස ලබා දී ඇති බවත් අදාල නිවසේ හිමිකරු මේ වනවිට බන්ධනාගාරගතව සිටින බවටත් අනාවරණය වී තිබේ.
මෙම ඝාතනය කුමණ අරමුණක් මත සිදුකළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර මළසිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (07) සිදුකිරීමට නියමිතව ඇත.
හුංගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.







