ඇල්පිටිය, ඕමත්ත ප්‍රදේශයේ නිවසකට ඊයේ (05) රාත්‍රී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය පිළිබද තොරතුරු පොලිසියට ලබාදීමට එරෙහිව ජාවාරම්කරුවන් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි යන සැකය මත ඇල්පිටිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් සිදුකළ වෙඩි තැබීමෙන් නිවසේ සිටි කිසිවෙකුට හානි සිදුව නොමැති අතර නිවසේ ජනේලයක් බිදී ගොස් ඇතැයි පොලිසිය පවසයි. .







