සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ට්‍රම්ප් සටන් විරාමයක් ඉල්ලූ පසුත් ඊශ්‍රයාල ප්‍රහාරවලින් ගාසා හි ඝාතන 55ක්….

by editor
ඔක්තෝබර් 5, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සටන් විරාමයක් සඳහා කළ ඉල්ලීම නොතකා එම ඉල්ලීම සිදුකිරීමෙන් අනතුරුව ගාසා තීරයට ඊශ්‍රයාලය එල්ල කළ ප්‍රහාරවලින් ගාසා නගරයේ ජිවත් වෙමින් සිටි සිවිල් වැසියන් 39 දෙනෙක් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 55 දෙනෙක්  ඝාතනය වී  ඇති බව අල් ජසීරා වාර්තා කරයි.

මේ මිය ගිය අය අතරින් සිවු දෙනෙක් කුසගින්නේ ආහාර පෝලිම්වල රැඳී සිටි අසරණයින්ය. ගාසා නගරයේ ටූෆා හි නිවසක්  ඉලක්ක කරගත් ඊශ්‍රයාල ප්‍රහාරවලින් මිය ගිය 17 දෙනෙක්ද මිය ගිය පුද්ගලයින 55 තුළ වෙති.

මෙම ප්‍රහාරවලින් දුසිම් ගණනක්  තුවාල ලබා රෝහල්ගත කර ඇතත් එක් පලස්තීනුවෙකුට හෝ ප්‍රතිකාර කිරීමට රෝහල්වලට හැකියාවක් නැති බව විදෙස් මාධ්‍ය කියයි.

භූමියේ සිදුවෙමින් ඇති දේවලින් කිසිම ආකාරයක සටන් විරාමයක් නොපෙනෙන බව ද අල් ජසීරා වාර්තා පෙන්වා දෙයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මූලිකත්වයෙන් ගාසා තීරයේ ක්‍රියාත්මක සටන් විරාම ගිවිසුමට හමාස් සංවිධානය සුබවාදී පිළිතුරක් ඊයේ ලබා දී තිබිණි. හමාස් සංවිධානය තමන් භාරයේ සිටින සියලුම ඊශ්‍රයාල සිරකරුවන් ද නිදහස් කිරීමේ එකඟතාවයකට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ගාසා තීරයේ යුද්ධය නිමා කිරීම සඳහා කාරණා 20කින් යුත් සැලසුමක් පසුගිය සඳුදා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරිපත් කර තිබිණි.  ඊශ්‍රයාල සහ හමාස් සංවිධානය විසින් ක්‍රියාත්මක හමුදා මෙහෙයුම් අත්හිටුවීම, ගාසා තීරයේ රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් සහ මිය ගිය අනෙක් ප්‍රාණ ඇපකරුවන්ගේ සිරුරු නිසි ලෙස භාරදීම, හමාස් සංවිධානය ගාසා තීරයෙන් ඉවත් වීම මෙම ගිවිසුමට ඇතුළත් විය. සාම සැලැස්මේ ඇති කරුණු පිළිබඳව තව දුරටත් සලකා බැලිය යුතු බව හමාස් සංවිධානය ට්‍රම්ප් වෙත දන්වා තිබිනි.

මේ සියලු කරුණු සලකා ඩොනල්ඩ් ට්‍රම් සිය සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කළේ දීර්ඝ කාලීන සමායකට හමාස් සංවිධානය සූදානම් බවය. මේ එකඟවීම සමගම ඊශ්‍රයාලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරයන් වහාම නැවැත්විය යුතු බව ට්‍රම්ප් ඊශ්‍රයාලයට දන්වා තිබිණි.

Share69Tweet43
Previous Post

මනම්පේරි සම්බන්ධීකරණ ලේකම් නෙමෙයි ලු… බොරු කීවට ජොනී නඩු යනවලු…

Next Post

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  ඩික්සන් ජේ පෙරේරා අභාවප්‍රාප්ත වෙයි!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.