උතුරුමැද පලාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් සිය බලතල නීති විරෝධී ආකාරයට භාවිතා කරමින් පෙරිමියන්කුලම වැව් රක්ෂිතයේ පර්චස් 60ක් තුළ සිය බිරියගේ නමට පවත්වාගෙන ගිය හෝටලයක් කඩා ඉවත්කරගෙන තිබේ.
මධ්‍යම නුවරගම් පලාතේ ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක උපුටා දක්වමින් ලංකාදීප වාර්තා කරන්නේ මෙම අනවසර ඉදිකිරිම කඩා ඉවත් කරගන්නා ලෙස මධ්‍යමපළාත් හිටපු ආණ්ඩුකාර බිරියවන අජන්තා රූපසාරී හේරත් වෙත කළ ලිඛිත දැනුම්දීමකින් අනතුරුව මෙම ඉදිකිරීම ඉවත් කරගෙන ඇති බවය.
ප්‍රතිපත්තිමය තීරණයක් යටතේ රජයේ වැව් රක්ෂිත මායිම් වෙන් කිරීමේ ක්‍රියාවලිය අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරීමත් සමගම රක්ෂිතය තුළ ඇති අනවසර ඉදිකිරීම්වල ස්වරූප හෙලිදරවු වූයේය.
පෙරිමියන්කුලම වැවේ වැවු රක්ෂිත මායිම් කිරීම සඳහා මිනින්දෝරු දෙපාර්තමේන්තුව මායිම් ගල් තැබීමට පසුගිය දා කටයුතු කිරීමත් සමග හිටපු ආණ්ඩුකාර බිරිය වැවු රක්ෂිතය තුළ මෙම ගොඩනැගිලි ඉදිකර ඇති බව තහවුරු විය.
ඒ සම්බන්ධව හිටපු ආණ්ඩුකාරවරයාට කළ ලිඛිත දැනුම් දීම අනුව ඔහු සිය බිරියගේ අනවසර ඉදිකිරීම පෙරිමියන්කුලම වැවු රක්ෂිතයෙන් ඉවත් කරගෙන තිබේ.







