ශ්‍රියානි විජේසිංහ –
රුපියල් ලක්ෂ 30 000 ක ආයෝජනයකින් සකස් කළ ආරච්චිකට්ටුවේ කුමාරකට්ටුව දකුණු ආසියාවේ විශාලතම ඇක්වාපොනික් තාක්ෂණික හරිතාගාරය කිසිදු ප්‍රයෝජනයකට නොගෙන වසා දමා ඇති බව කෘෂි කර්ම දෙපාර්ත මේන්තුව පවසයි.
ලෝක බැංකුවේ කෘෂි නවීකරණ වැඩසටහනේ සහාය යටතේ රුපියල් මිලියන 100ක ප්‍රදානයක් සහිතව, රුපියල් බිලියන 2ක් ඉක්මවන ආයෝජනයක් සහිතව අක්කර 18ක භූමි භාගයක මෙම ව්‍යාපෘතිය පැවැත්විනි.
මෙම තාක්ෂණික හරිතාගාරය මඟින් මත්ස්‍යයින්ට අධික ප්‍රෝටීන් සහිත ආහාර සැපයෙන අතර, බහිස්‍රාවීය ජලය ජීව ක්‍රියාවලියක් තුළ නයිට්‍රේට් බවට පරිවර්තනය කරමින් තටාකවලට මුදා හරිනු ලබයි.
ෙශාක මූල පද්ධතිය මඟින් එම ජලයේ ඇති නයිට්‍රේට් සහ අනෙකුත් ඛනිජ ලවණඋරා ගෙන පිරිසිදු ජලය නැවත මත්ස්‍යාගාරය වෙත ලබ දෙයි. මෙමගින් කිලෝ ග්‍රෑම් 20,000ත් 30,000ත් අතර මාසික නිෂ්පාදනයක් සිදු කරනු ලැබ ඇත.
අන්තර් ජාතික තත්ත්ව ප්‍රමිති රැසක් සහ සියලු අනුකූලතා සහිත මෙම දැවැන්ත හරිතාගාර ව්‍යාපෘතිය 2021-2022 ආර්ථික අර්බුදය හමුවේ නැවතී ගියේය. බීජ වර්ග, මත්ස්‍ය ආහාර මෙරටට ආනයනය සඳහා අවශ්‍ය අවසරපත් ලබා ගැනීම වසර එකහමාරක් පමණ ප්‍රමාද වී තිබිමෙන් නිෂ්පාදන ධාරිතාව සියය 10 කට සීමා වූයේය.
අදාල පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර මෙම ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීමේ හැකියාව සොයා බැලන බව කෘෂිකර්ම , පශු සම්පත් , ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත ප්‍රකාශ කර ඇත.







