බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නන්දන ගුණතිලක කියන්නේ අමූලික බොරුවක්… මා ක්‍රියාකාරී දේශපාලනයේ යෙදුනා නම් ඔහු එය ඔප්පු කළ යුතුයි… අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි!

by editor
ඔක්තෝබර් 2, 2025
in පුවත්
RANGA
Share on FacebookShare on Twitter

ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී දේශපාලනයේ යෙදුන බවට නන්දන ගුණතිලක විසින් සිදුකරන ප්‍රකාශය මුලුමනින්ම සාවද්‍ය ප්‍රකාශයක් බවත් එම ප්‍රකාශ සපුරා ප්‍රතික්‍ෂේප කරන බවත් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක අද (02) රටට පැවසුවේය.

ඔහු  ප්‍රකාශ කළේ මේ පෙනෙමින් ඇත්තේ  තමන් සහ අල්ලස් හෝ විමර්ශන කොමිෂන් සභාවේ කටයුතු කඩාකප්පල් කිරීම සඳහා දියත් වී ඇති සංවිධානාත්මක වැඩපිළිවෙළක් බවය. මෙම වැඩ පිළිවෙළේ පළමු අවස්ථාව තම දරුවා කොළඹ උසස් විද්‍යාලයකට ඇතුළත් කිරීම සඳහා තමන් නීති විරෝධීව කටයුතු කළ බවට සිදුකළ චෝදනාව බව කී අධ්‍යක්ෂ ජනාරාල්වරයා ඒ සම්බන්ධව තමන්ගෙන් තොරව සිදුකළ විමර්ශනයකින් අනතුරුව එල්ල කර ඇත්තේ වැරදි චෝදානවක් බව තහවුරු වූ බව පෙන්වා දුන්නේය. මේ ව්‍යාජ ප්‍රකාශ කළ පුද්ගලයාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු පැවසුවේය.

එමෙන්ම නන්දන ගුණතිලක ඉදිරිපත් කරන චෝදනාව ප්‍රකාරව   තමන් විනිසුරුවරයෙකුගේ භූමිකාව දැරීමට නුසුදුස්සෙක් බැවින්  ඒ සම්බන්ධව අධිකරණ සේවා කොමිෂන් සභාවට දැන්විය යුතු බවත්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර දැරීමටත්  නුසුදුස්සෙක් බැවින්    මාධ්‍ය සාකච්ඡා නොපතවත්වා ඒ සම්බන්ධව ආණ්ඩුක්‍රම ව්‍යසත්ථාදායක සභාවටදැන්විය යුතු බවත්    රංග දිසානායක නන්දන ගුණතිලකට   දන්වා සිටී.

මේ අපහාස කිරීම් තනි පුද්ගලයෙකුට කරන අපහාසයක් නොව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට කරන අපහාසයක් සේ සලකන්නට කොමිසම තීරණය කළ බව කී අධ්‍යක්ෂ ජනරාල්වරයා  අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනතේ 118 වැනි වගන්තිය ප්‍රකාරව කොමිසමට අපහාස කිරීමක් සේ සලකා නන්දන ගුණතිලකට නීතිය ක්‍රියාත්මක කරන බව   වැඩිදුරටත් අවධාරණය කළේය.

තමන්ට හා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට එල්ලවන චෝදනාවලට නිල වශයෙන් පිළිතුරු ලබා දීම සඳහා එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක අද (02)  පැවති මාධ්‍ය හමුවේ දී කරුණු දක්වමින් මෙසේ ද පැවසුවේය.යය

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

මම විශ්වාස කරනවා මේ රටේ මිනිස්සුන්ට මෙය පැහැදිලි කළ යුතු බව. මේ රටේ දේශපාලකයින්ට නෙමෙයි… මේ රටේ ජනතාවට. ඒකත් එක්කම තමයි මොවුනගේ අරමුණ පැහැදිලි වෙන්නේ.

මම විශ්වාස කරනවා රටේ මිනිස්සු මේ වෙලාවේ මා සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කෙරෙහි විශ්වාසය තබා තිබෙන බව. මෙහි එක් අරමුණක් තමයි ඒ විශ්වාසය කඩ කිරීම. ඒ විශ්වාසය කඩ කිරීම සඳහා මෙය සංවිධානාත්මකව කරන බව අපට පැහැදිලිව පෙනෙනවා.

ඊලඟ අරමුණ ලෙස අප හඳුනාගෙන තියනවා… දැන් මෙහෙම කළාම මොකද වෙන්නේ. අපි ඒ දේ පිටිපස්සේ යනවා. එතකොට මොකද වෙන්නේ. වෙන්නේ ආයතනය කරන්න ඕන මූලික අරමුණෙන් අපි බැහැර වෙනවා.

දැන් මට එල්ලවන චෝදනා බැලුවම කවුරුහරි ඇවිත් කියනවා එහෙම චෝදනා එල්ල වෙලා තියනවා කියලා. එහෙම චෝදනා ගැන කිව්වොත් පළමුකොටම මගේ දරුවා පාසලකට ඇතුළත් කිරීම සම්බන්ධයෙන්.

ඒ පැමිණිල්ල ලැබුණට පසසේ මම ඉල්ලීම් තුනක් කළා. එක මගෙන් තොරව මා සම්බන්ද නොවී වෙනම විමර්ශනය කරන්න. ඒ විමර්ශනය කරලා මම එහි යම් වරදක් කර තිබේ නම් ඒ බව දන්වන්න. සේ වරදක් කර නැතිනම්  ඒ බව මාධ්‍යයට දැනුම් දෙන්න. ඒ අනුව ඒ පුද්ගලයා සිදුකර තිබෙන්නේ අසත්‍ය පැමිණිල්ලක් නම් ඔහුට විරුද්ධව දූෂණ විරෝධී පනත යටතේ අසත්‍ය ප්‍රකාශයන්  සිදුකිරීම සම්බන්ධයෙන් සහ පනතේ 125-2 වගන්තිය යටතේ මට බලපෑමක් සිද්ධ වෙනවා. ඒ සම්බන්ධයෙන් පියවර ගන්න.

සියලු ලේඛන ගෙන්වාගෙන විමර්ශනයක් කරලා කොමිෂන් සභාව මා ලිපියකින් ඉල්ලූ පරිදිම මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. එහි කිසිදු නීත්‍යානුකූල දෙයක් සිදුවී නැති බව. එහි තුන්වන පියවර ගැනීම සඳහාත් නියෝගයක් නිකුත් කර ඇති බව මා දන්නවා.

ඊලඟට නන්දන ගුණතිලක මහතා කළ ප්‍රකාශය. දැන් මම 2004 තමයි මහේස්ත්‍රාත්වයෙක් විදිහට බැඳෙන්නේ. 2020 තමයි  මහාධිකරණ විනිසුරුවරයෙක් විදිහට පත් වන්නේ . 2025 දී  තමයි ද්විතීයන පදනම මත මේ තනතුර භාරගන්නේ.

ඔබ හිතන්න මම ක්‍රියාකාරී දේශපාලනයේ සම්බන්ධ කෙනෙක් නම් මම විනිසුරුවරයෙක් විදිහටවත් සුදුසු නෑ. එතකොට නන්දන ගුණතිලක මහතා අවුරුදු 20ක් මේක කාටවත් කිව්වේ නෑ. අධිකරණ සේවා කොමිෂන් සභාවට කිව්වෙත් නෑ. ඔහුට අධිකරණ සේවා කොමිෂන් සභාවට කියන්න තිබුණා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය කරන කෙනක් විනිසුරුවරයෙක් විදිහට ඉඳිම සුදුසු නෑ කියලා. ඔහු කිව්වෙ නෑ.

ඒ වගේම මම කිසිම දවසක ඔහු කියන ආකාරයේ කමිටුවක ඉඳලත් නෑ. සම්බන්ධයකුත් නෑ. එය අනාවාර්යයෙන්ම ප්‍රතික්ෂේප කරන්නට ඕන. ඊට අමතරව ඔහු මේක ඇත්ත නම් කරන්න ඕන කුමක්ද ?. කෙනෙක් චෝදනා නගනවා නම් ඔහුයි එය ඔප්පු කරන්න ඕන.  දැන් ඔහු එය ඔප්පු කළ යුතුයි… නැතිනම් ඔහුට එරෙහිව අල්ලස් කොමිසමට අපහාස කිරීමේ චෝදනාව මත නීතිය ක්‍රියාත්මක කරනවා..

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

GMOA අම්පාර දිස්ත්‍රික්කයේ සියලුම පර්යන්ත රෝහල්වල සහ මහඔය මූලික රෝහලේ වෛද්‍ය වර්ජනයක් කැඳවයි… රෝගීන් 30000ක් අනාථයි…

Next Post

මහින්දගේ ආරක්ෂකයා නෙවිල් වන්නිආරච්චි අත් අඩංගුවට…

Related Posts

පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.