සූරියවැව – නුවන් ජයසේකර –
අනියම් සබඳතාවයක් හේතුවෙන් ඇති වූ ආරවුලක් මත තිස්සමහාරාම ප්රදේශයේ ගරාජයක හිමිකරුට ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු ඊයේ (29 ) දින සවස නීතිඥයෙකු මාර්ගයෙන් පොලීසියට බාරවීමෙන් පසු අත් අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් පුද්ගලයාගෙන් සිදුකළ මූලික ප්රශ්න කිරීමේදී අනාවරණය කරගත් තොරතුරු හා ඔහුගේ මග පෙන්වීම මත වෙඩි තිබීමට යොදාගත් ගිනි අවිය කාවන්තිස්සපුර සාමගුලිය ප්රදේශයේ හේනක සඟවා තිබිය දී පොලීසිය විසින් සොයාගෙන තිබේ.
මෙම අපරාධය සිදු කිරීමෙන් පසු සැකකරු ප්රදේශයෙන් පලාගොස් සිට පසුව නීතිඥයෙකු මාර්ගයෙන් පොලීසියට බාර වී තිබේ. මෙලෙස පොලිසියට බාර වී ඇත්තේ, මුතියම්මාගම පදිංචි රත්නායක මුදියන්සේලාගේ චමින්ද නොහොත් “වන්ඩු චමින්ද” නැමති අයයි.
සැකකරු විසින් පසුගිය 26 වන දින සවස පාසල අසල , මුතියම්මාගම, තිස්සමහාරාමය ලිපිනයේ පදිංචි හේවා කොඩිතුවක්කුගේ ප්රියන්ත නැමති 57 හැවිරිදි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරුණි.
මරණකරු ඉහත ලිපිනයේ පිහිටි ඔහුට අයත් වාහන අලුත් වැඩියා කිරීමේ ගරාජයක් තුළ සිටියදී මෙම වෙඩි ප්රහාරයට ලක්ව තිබේ.
වෙඩි තැබීම සිදුකල සැකකාර පුද්ගලයා මරණකරුගේ පුත්රයාගේ බිරිය සමග කලක් තිස්සේ අනියම් සබධතාවයක් පවත්වාගෙන ගොස් ඇත. ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.
අත් අඩංගුවට පත් සැකකරු අද (30) දින තිස්සමහාරාම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.







