බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක විපක්ෂය දඩයම් කරගත් පත් කළ ජේ.වී.පී කාරයෙක් ද?… පාර්ලිමේන්තුවේ ගාලගොට්ටියක්!

by editor
සැප්තැම්බර් 26, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතා විමුක්ති පෙරමුණේ නීති අංශයේ සාමාජිකයෙක් බවත් තමන් නීති අංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරද්දී වත්මන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා තමන් සමග කටයුතු කළ බවත් ඊයේ ( 25) හිරු නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් නන්දන ගුණතිලක ප්‍රකාශ කළේය.

එම ප්‍රකාශය පදනම් කරගනිමින් දයාසිරි ජයසේකර මෙන්ම මුජිබර් රහුමාන් මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව තුළ දැඩි ප්‍රශ්න කිරීමක් කරමින් රංග දිසානායක අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කරගත්තේ ආණ්ඩුවට අවශ්‍ය පුද්ගලයින් දඩයම් කිරීමටත් අවශ්‍ය නැති පුද්ගලයින් බේරාගැනීමටත් බවට චෝදනා කළහ.

මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පැවසුවේ මේ ආණ්ඩුව කරන්නේත් පහුගිය ආණ්ඩු කළ කටයුත්තම බවය. රංග දිසානායක  විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අල්ලස් හෝ දූෂණ වැරදි සිදුකරන බවත්, ආන්ඩුවේ මැති ඇමති මන්ත්‍රීවරුන්ගේ විමර්ශන කටයුතු මගහරින බවත් එසේ සිදුවන්නේ ඇත්තටම රංග දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ කාඩරයෙක් නිසා දැයි ප්‍රශ්නයක් ඇතිවන බවත් ය.

මේ  චෝදනා සම්බන්ධව පැහැදිලි කිරීමක් කරමින් ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු කතාව කළ  කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු කොමසාරිස්වරු පත් කරගන්නා ආකාරය සම්බන්ධව පාර්ලිමේන්තුවට පැහැදිලි කිරිමක් කළේය.

ඒ පැහැදිලි  කිරීම මෙසේය.

RelatedPosts

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනත යටතේ  අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනත යටතේ  කරන්නේ ජනාධිපතිවරයා විසින්  නම් කරලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට එවනවා නෙමෙයි.

කලින් තිබුණේ ජනාධිපතිවරයා විසින් නම් කරලා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට එවුවට පස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් සලකා බලලා නැවත ජනාධිපතිතුමාට නිර්දේශ කරලා යවනවා.

නමුත් විශේෂයෙන්ම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ  අධ්‍යක්ෂජනරාල්වරයා  පත් කිරීම සිදුවන්නේ දූෂණ විරෝධී පනත අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාව විසින් නම් කරලා   ජනාධිපතිතුමාට යවන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව තමයි අයදුම්පත් කැඳවලා ස්වාධීන නියෝජිතයො තුන් දෙනා විසින් තමයි සම්මුඛ පරීක්ෂණයකට ලක්  කරන්නේ.

අපි ආණ්ඩුව එන්න කලින් 2024 ජනවාරි 01 වැනිදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් තමයි දැනට ඉන්න කොමසාරිස්වරු තුන් දෙනා  පත් කරලා තියෙන්නේ.   අපි දන්නේ නෑ ඒ කොමසාරිස්වරු ජේ.වී.පී ද නැද්ද කියලා.

ඊලඟට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදය සභාව ඉන්ටර්විව් කරලා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙ සභාපතිවරයා විශේෂයෙන්ම  අධ්‍යක්ෂ ජනරාල්වරයා, රංග දිසානායක මහත්තයා, එතුමා මහාධිකරණ විනිසුරුවරයෙක්… එතුමා තෝරා ගන්නකොට  අණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා ඉන්නවා. අජිත් පී පෙරේරා මන්ත්‍රී තුමා හිටියා. ඒ අය ඉන්නකොට තමයි මේ පත් කිරීම සිද්ධ වෙන්නේ.

වත්මන් ආණ්ඩුවේ ජනාධිපතිවරයා හැටියට අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා 2025 ජනවාරි 08 වැනිදා එතුමාව නම් කළා. එතුමාට නම් කිරීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙ සභාපතිවරයා තොරලා දෙන්නේ මේ පාර්ලිමේන්තුව වෙනුවෙන් ආණඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව තෝරා දෙද්දි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදයක සභාව නියෝජනය කරපු විපක්ෂ නායක තුමාවත් සමගි ජන බලවේගය නියෝජනය කරපු අජිත් පී. පෙරේරා මන්ත්‍රී තුමාවත්  වෙන කිසිම කෙනෙක් ඒ අධ්‍යක්ෂ ජනරාල්වරයා ආණ්ඩුවට වැඩ කරන කෙනෙක් කියලා නම් කළේ නෑ.

අද එතුමලාගේ ආණ්ඩුකාලයේ තියෙන්න ඇති  අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව එතුමලාට ඕන විදිහට මෙහෙයවන්න පුලුවන් කමක්. දැන් එහෙම බෑ.  ජනාධිපතිවරයාටවත් පාලනය කරන්න බැරි ස්වාධීනත්වයක් තියෙනවා. කිසිම කෙනෙකුට පාලනය කරනන් බෑ. ආණ්ඩුව හැටියට අපට තියෙන්නේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාව ඉල්ලන ප්‍රතිපාදන පහසුකම් ලබාදීම විතරයි.

ආණ්ඩුවට ඕන විදිහට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කටයුතු කරනවා කියලා කවුරු හරි කියනවා නම්  ඒක දූෂණ විරෝධී පනත යටතේ පාර්ලිමේන්තුවට පැවරූ බලය වැරදි විදිහට අර්ථකථනය කිරීමක්.  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව නිග්‍රහයට ලක්  කිරීමක්.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනපති ඇමරිකානු සංචාරය නිම කරමින් ජපාන නිල සංචාරය අරඹයි!

Next Post

වෛද්‍ය සභාවේ සභාපති ඇතුළු පුරප්පාඩු පුරවලා තියෙන්නේ අන්ත දූෂිතයින්ගෙන්… ඇමතිගේ පත්කිරීම්වලට GMOA  එරෙහි වෙයි!

Related Posts

පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
පුවත්

කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.