දියුණුවන සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් සංචාරක සංවර්ධන අධිකාරියට ඉතා හොඳ වැඩපිළිවෙළක් නිරීක්ෂණය වන බවත් තමන් මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස එම වැඩපිළිවෙළ අගය කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අද (25) පාර්ලිමේන්තුවේ දි පැවසුවේය.
ඔහු මෙසේ කීවේය.
ශ්‍රී ලංකා සංචාරක සේවා අධිකාරියේ නිලධාරීන් අපේ කාරක සභාවට පැමිණිලා ඔවුන් විස්තර ඉදිරිපත් කළා. ඇත්තටම අපට බොහොම සතුටු වුනා. ඔවුන්ගේ බොහොම හොඳ වැඩපිළිවෙළක් තියන බව අපට පෙනී ගියා.
ඒ වගේ හොඳ දේවල් දකිනකොටත් කියන්න ඕන කියලා අපි විශ්වාස කළා.
එමෙන්ම මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස ඔහු ක්ෂෙත්‍රයේ ඵලදායී වර්ධනය වෙනුවෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ද ඉදිරිපත් කළේය.
එක ප්‍රශ්නයක් තියනවා. ටුවරිසම් ගෙඩක් දියුණු වෙලා තියනවා. ඒකට අවශ්‍ය ලොජිස්ටික් කරන්න වාහන ගෙන්වීම සඳහා ටුවරිසම් සෙක්ටර් එකේ අය රජයෙන් ඉල්ලීම් කරලා තියනවා. නමුත් අයිඑම්.එෆ්. වැඩපිළිවෙළ යටතේ එහෙම එක එක කට්ටියට විශේෂ බදු සහන දෙන්න හැකියාවකුත් නෑ.
නමුත් ශ්‍රී ලංකා සංචාරක අධිකාරියේ TDL කියලා එකක් එකතු කරනවා සියයට 1ක්. බැහැයි අපි දැනගත්ත විදිහට TDL එක ගෙවන්නේ නෑ. TDL එක ගෙවන්න පුලුවන් නම් ඒක පාවිච්චි කරලා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය හරහා මේක ඇතුළෙ යම් කිසි සහනයක් දෙන්න පුලුවන් කියන එක කාරක සබාව නිරීක්ෂණය කරලා ඒක අපි ඉදිරිපත් කරනවා ගරු ඇමතිතුමන්ලාගේ අවධානයට.







