සඳුදා, ජූලි 20, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපති උදේ හවස කියන නීතියේ ආධිපත්‍ය වසන්ත සමරසිංහ ඉදිරියේ නැමෙන හැටි මුජිබර් පාර්ලිමේන්තුවේ දී හෙළි කරයි…

by editor
සැප්තැම්බර් 24, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • අවස්ථා දෙකක දී ඇමතිවරයා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ගල්කිස්ස අධිකරණය  නියෝග නිකුත් කළා… නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරියන් දෙදෙනා මාරු කළා… දැන් නඩුව අසන්නේ 03 වැනි විනිසුරුවරිය විසින්….

  • මහේස්ත්‍රාත් අධිකරණය අත් අඩංගුවට ගන්න නියෝග කළාට පස්සේ පොලිසිය නීතිපතිවරයාගෙන් අහනවා ඇමති අත් අඩංගුවට ගන්න ද කියලා… මොනවද මේ වැඩ?

අමාත්‍ය  වසන්ත සමරසිංහට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අද (24) පාර්ලිමේන්තුවේ දී දැඩිව ප්‍රශ්න කළේය.

අමාත්‍යවරයාට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ ඇසෙන නඩුවක දී  ඔහුව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නට නියෝග දුන් මහේස්ත්‍රාත්වරිය පමණක් නොව, ඇයට පසු පත් කළ මහේස්ත්‍රාත්වරිය ද ස්ථාන මාරු කර යවා මේ වනවිට නඩුව ඇසෙන්නේ තුන්වැනියෙකු ඉදිරියේ බව මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

මහේස්ත්‍රාත් අධිකරණය විසින් දෙවරක් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ පුද්ගලයෙක් අත් අඩංගුවට ගැනීමට පොලිසිය නීතිපතිවරයාගේ උපදෙස් විමසමින් සිටින බවත්, රනිල් වික්‍රමසිංහ අත් අඩංගුවට ගැනීමට නියෝග කරන විට එවැනි නීතිපති උපදෙස් පැතීමක් සිදු නොවූ බවත් පෙන්වා දුන් මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා උදේ සිට රෑ වනතුරු බෙරිහන් දෙන නීතියේ ආධිපත්‍ය වලංගු වන්නේ විපක්ෂයට පමණක් දැක් ප්‍රශ්න කර සිටියේය.

ගල්කිස්ස මහේස්ත්‍රාත් බී අංක 29984 නඩු අංකය. ඒ නඩු අංකයේ නඩුවක් තියනවා අංක 10. නගර සභා පටුමග, දෙහිවල පිහිටි පර්චස් 32ක ඉඩමක තට්ටු දෙකක ගොඩනැගිල්ලක්… මේ නැෂනල් වෝර්කස් කොංග්‍රසයට අයිති ගොඩනැගිල්ලක්.  බලයෙන් අල්ලා ගැනීම සම්බන්ධව.

2024 සැපැත්ම්බර් මාසේ 06 වැනිදා වහාම ඒ සැකකරුවන් අත් අඩංගුවට ගන්න කියලා ගල්කිස්ස මහේස්ත්‍රාත්තුමිය නියෝග කරනවා. 2024 සැප්තැම්බර් 06. අත් අඩංගුවට ගන්නේ නෑ.

RelatedPosts

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඊලඟට නැවත වතාවක් 2024 නොවැම්බර්  මාසේ 22 දා වහාම අත් අඩංගුවට අරන් ඉදිරිපත් කරන්න කියලා මහේස්ත්‍රාත්තුමිය පොලිසියට නියෝග දෙනවා. මොකද වෙන්නේ. අත් අඩංගුවට ගන්නේ නෑ. ඇයි ඒ… මේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරයෙක් නිසා එයාව අත් අඩංගුවට ගන්නේ නෑ.

ජනාධිපති තුමා නීතියේ ආධිපත්‍ය ගැන කතා කරනවා. ඊලඟට ඒ මහේස්ත්‍රාත්තුමියව මාරු කරනවා. මාරු කරලා වෙන මහේස්ත්‍රාත්වරයෙක් ගේනවා. ඊට පස්සේ එයා නඩුව විභාග කරගෙන යනකොට එයාවත් දැන් මාරු කරලා දැන් තවත් එක්කෙනෙක් පත් කරලා තියනවා. මොකක්ද මේ හදන්න යන නීතියේ ආධිපත්‍යය.  මේක ද මේ කතා කරපු විනිවිද භාවය. මේකද කතා කරපු පාරදෘශ්‍ය භාවය. මේකද කතා කරපු ජන මතයට දුන්න පොරොන්දුව.

අද පොලිසිය ඇවිත් උපදෙස්  ඉල්ලනවා නීතිපති තුමාගෙන් මේ ඇමතිවරයාව අත් අඩංගුවට ගන්න ද එපා ද කියලා.

ගරු කතා නායක තුමනි. මහේස්ත්‍රාත් තුමිය නියෝග දීලා තියනවා නම් අත් අඩංගුවට ගන්න ඕන.  නීතිපතිගෙන් අහන්න ඕන නෑ. රනිල් වික්‍රමසිංහ අත් අඩංගුවට ගන්නකොට නීතිපතිගෙන් ගිහින් ඇහුවේ නෑ. එහෙමනම් ඒ නීතිය ආණ්ඩුවේ ඉන්න ඇමතිවරයෙකුට ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ එයා මේ ආණ්ඩුවේ ඇමති කෙනෙක් නිසාද කියන ප්‍රශ්නය තමයි දැන් අපට වැටහිලා තිබෙන්නේ.

ඒ හින්දා අපි කියන්නේ. ජනාධිපති තුමා උදේ ඉඳන් හවස්  වෙනකම් නීතියේ ආධිපත්‍ය ගැන බෙරිහන් දෙනවා. නීතියේ ආධිපත්‍ය හදන්න ඕන කියලා කියනවා. නමුත් එ් හැම එකක්ම විරුද්ධ පක්ෂයේ ඉන්න අපට තමයි නීතියේ ආධිපත්‍ය. ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරුන්ට නීතියේ ආධිපත්‍යයක් නෑ.  ඒ අයට අවශ්‍ය විදිහට නීතිය නැමෙනවා.   නීතිය නමා ගන්නවා. නමාගෙන අපට කියනවා නීතියේ ආධිපත්‍ය හදනවා කියලා.

විනිශ්ඡය කරුවන් තමන්ට අවශ්‍ය විදිහට යොදවාගෙන අධිකරණයට බලපෑම් කිරීම

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සම්බාහනයට එන අයට “අයිස්” ගස්සවා සම්බාහනය කරලා… මහනුවර සම්බාහන මධ්‍යස්ථානයක් හිමි කාන්තාවක් අත් අඩංගුවට…

Next Post

බීමත් ලංගම රියදුරෙක් මගීන් සහිත බස් රථයක් ධාවනය කරමින් සිටිය දී අත් අඩංගුවට…

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.