ඉදිරි දින දෙක තුළ නිශ්චිත විසඳුමක් නොලැබුණහොත් ලබන 24 වැනිදා ස්ථිරවම වැඩ වර්ජනයක් දියත් කරන බව ලංවිම වෘත්තීය සමිති නිවේදනය කරයි.
මෙම වැඩ වර්ජන නිවේදනය සිදුකරන්නේ විදුලිය සම්බන්ධ සියලුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කර ජනාධිපතිවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති පසුබිමකය.
අද (22) පැවති මාධ්‍ය හමුවකදී ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත ප්‍රකාශ කළේ ලංකා විදුලි බල මණඩලයේ සියලුම වෘත්තීය සමිති ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව එළඹෙන බදදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණ කර ඇති බවය.
“24 වනදා දහවල් නැවතත් වෘත්තීය සමිති 25 රැස්වෙනවා. මේ දින දෙකෙහි බලධාරීන්ගේ යහපත් සාකච්ඡාවක් නැත්නම් අපි අනිවාර්යෙන්ම අන්තිම අදියරය වන වැඩවර්ජන තීන්දුවක් ගන්නවා. අපි අනිවාර්යෙන්ම බදාදාට ඒ තීන්දුව ගැනීමට නියමිතයි.
ඒක දිනක වැඩවර්ජනයක්ද, සංඛේත වැඩවර්ජනයක්ද, අඛණ්ඩ වැඩවර්ජනයක්ද කියන එක අපි පැහැදිලිව බදාදා දින ප්‍රකාශය කරනවා.”







