ශ්‍රියානි විජේසිංහ –
ලංකා විදුලිබල සංශෝධන පනත ක්‍රියාත්මක කරමින් පිහිටුවන නව සමාගම් හතරට බැදීමට මේ වන විට ඇ සේවකයින් විශාල ප්‍රමාණයක් කැමැත්ත පලකර ඇතැයි විදුලිබල මණ්ඩලය වාර්තාකරයි.
සිය කැමැත්ත පළ කරමින් සේවකයින් 22000ක් අද (22) උදෑසන ලංකා විදුලබල මණ්ඩල මූලස්ථානයේදී එහි සභාපති මහාචාර්ය උදයංග හේමපාලට ලිපි භාරදීමට සිදුකර ඇත.
පූර්ණ රාජ්‍ය හිමිකාරිත්වය සහිත සමාගම් හතරට මෙම සේවයකින් බදවා ගැනීමට මේ අනුව සිදුවනු ඇත.
2025 අංක 14 දරණ ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධිත ) පනත අනුව පිහිටුවන ලද ජාතික පද්ධති පාලන (පුද්) සමාගම, ජාතික සම්ප්‍රේක්ෂණ ජාලසේවා සැපයුම් (පුද්) සමාගම , විදුබල බෙදා හැරීමේ ලංකා (පුද්) සමාගම, සහ විදුලි ජනක ලංකා (පුද්) සමාගම යන සමාගම් හතරට ඉහත සේවක පිරිස සම්බන්ධ කරුනු ඇත.







