විදුලි බලය සැපයීම සම්බන්ධ සියලුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් අද (21) නිකුත් කර තිබේ.
ජනාධිපතිවරයාගේ අණ පරිදි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික එස් කුමානායක විසින් මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ මේ වනතුරු අකුරට වැඩ කරමින් සිටි විදුලි බල මණ්ඩල සේවකයින් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද මධ්‍යම රාත්‍රියේ සිට තීව්ර කරන බව දැනුම් දීමත් සමගය.
ලංවිම වෘත්තීය සමිති ජනාධිපතිවරයාට අභියෝග කරමින් අද මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රසම්පාදන සහ ටෙන්ඩර් ක්‍රියාවලීන්ට සම්බන්ධ වීමෙන් වැළකී සිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවට ප්‍රකාශ කර තිබිණි. ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රය පහත දැක්වේ.








