දිනසේන රතුගමගේ –
මන්නාරම සේතුකරෙයි මුහුදු වෙරළට කිලෝ ග්රැම් පන්සීයක් පමණ බර මුහුදු ඌරෙකුගේ මළ සිරුරක් ඊයේ (20) ගොඩගසා තිබේ.
අෆ්රියා නැමති වර්ගයට අයත් මෙම මුහුදු ඌරෙකුගේ ගැහැණු සතෙකු බවත් එම මත්ස්‍යයා මියයාමට හේතුව සෘජුවම ප්‍රකාශ කළ නොහැකි නිසා ඒ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් කැඳවා ඇති බවත් මන්නාරම ධීවර නිලධාරීහු පැවසූහ.
මියගිය මුහුදු ඌරාගේ මළ සිරුරේ ස්ථාන කීපයකම දැඩි තුවාල තිබෙන බවත් මළ සිරුරෙන් දැඩි දුගධක් හමන නිසාත් මත්ස්‍යයා මිය ගොස් දින කීපයක් ගත වී ඇති බවද එම නිලධාරීන් ප්‍රකාශ කොට සිටියි.
බොහෝ විට මෙම මුහුදු ඌරා දකුණු ඉන්දියාව ප්‍රදේශයේදී මියයන්නට ඇති බවට විශ්වාසය පලකරන ධීවර නිලධාරීන් මීට මාස හතරකට පමණ ඉහතදීද තුවාල සහිතව මියගිය විශාල මුහුදු ඌරෙකුගේ මළ සිරුරක් මන්නාරම මුහුදු වේරළට ගොඩගැසූ බව ප්‍රකාශ කළේය.
එම මත්ස්‍යයාගේ මළ සිරුර සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ වලදී රාමනාදන්පුරම් ඉන්දීය ධීවරයින්ගේ බෝට්ටු එන්ජිමකට එම මත්ස්‍යයා අසුවීමෙන් මියගොස් සිටි බවට තොරතුරු හෙළි වූ බවද එම නිලධාරීන් කියා සිටියහ.
මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය හා වන සංරක්ෂණ නිලධාරීන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
වනජීවයෙන් පැහැදිලි කිරීමක්
ඉන්දියාවේ රාමනාතපුරම් දිස්ත්‍රික්කයේ Thirupullani අසළ Sethukkarai වෙරළට මුහුදු ඌරෙකුගේ (Sea Dugong) මළ සිරුරක් 2025.09.19 දින ගොඩ ගසා තිබෙනවා. එම සත්වයා වයස අවුරුදු 8-9 වන බවටත්, බර 300kg පමණ වන ගැහැනු සතකු වන බවටත් The Hindu පුවත්පත වාර්තා කර තිබෙනවා. තවද, මෙම මරණය එම සත්වයා ගල්වල ගැටීමකින් හෝ රෝගයක් හේතුවෙන් සිදු වී ඇති බවට ඉන්දියානු වනජීවී නිලධාරීන් සැක පහල කර ඇතත්, මිය යාමට සත්‍ය හේතුව මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළි වනු ඇතයි එම නිලධාරින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිනෙවා.
මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ සිදුවූ සිදුවීමක් බවට සමාජ මාධ්‍ය තුළ විවිධ ප්‍රචාරයන් සංසරණය වෙනවා. එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් වන බවටත්, ශ්‍රී ලංකාවේ එවැනි සිදුවීමක් සිදුවී නොමැති බවටත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙයින් අවධාරණය කර සිටිනවා







