මිද්දෙනිය ඉඩමක සහ ඒ ආසන්නයේ වළ දමා තිබූ ද්‍රව්‍ය තොගයක මෙතෙන්ෆිටමයින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය අඩංගු බවට රජයේ රස පරීක්ෂකවරයා සිදුකළ සාම්පල පරීක්ෂාවේ දී අනාවරණය වී තිබේ.
ඊට අදාල සාම්පල පරීක්ෂණ වාර්තාව වළස්මුල්ල අධිකරණයට සහ පොලිසියට මේ වනවිට යොමු කර ඇතැයි වාර්තා වේ.
මේ අතර අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය ද පසුගිය දා පැවසුවේ මිද්දෙණියේ ඉඩමකින් වළ දමා තිබිය දි සොයා ගත් ද්‍රව්‍ය සාම්පල විස්සෙන් 17කම මෙතන්ෆිටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය අඩංගු බවට තහවුරු වූ බවය.







