බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ඇමෙරිකානු පොලිස්කාරයන් නිසා ලෝක පොලිස්කාරයාත් අමාරුවේ වැටෙයිද..?

by Lanka Sara Editor
මැයි 31, 2020
in සමාජ
Share on FacebookShare on Twitter

සිරී හීන්පැල්ල

අමෙරිකාවේ මිනියාපොලිස් හිදී(Minneapolis) මැයි 25දා සුදු පොලිස් නිලධාරියෙකු විසින් කලු ජාතික තරුනයෙකු මරා දැමීමේ සිද්ධිය අමෙරිකාවේ ජාතිවාදී කෝලාහලයක තත්ත්වයකට පත් වෙමින් පවතී. රටේ ප්‍රධාන නගර රාශියක දැනට හදිසි තත්ත්වයක් හට ගෙන ඇත. කොරෝනා වසංගතයෙන් මදකට අස් වැසිල්ලක් ලැබූ මොහොතක හටගත් මෙම සිද්ධි තුලින් ඊට වැඩි විපතක් අමෙරිකාවට සිදුවේද ? කොරේ පිටට මරේ යනුවෙන් මෙය හැදින්ව්‍ ය හැක . සුදු කලු යුද්ධයක් දක්වා මෙම සිද්ධිය දුර දිග යන බව දක්නට ලැබේ . මින් ඇතමුන් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ දරන බවද පෙනේ . මාස 5 කින් පැවත්වෙන ජනපතිවරණයේදී ට්‍රම්ප් ජනපති පරාජය කිරීමට උත්සාහ කරන බලවේගයන් මෙම භීෂණකාරී ක්‍රියා වන්ට සම්බන්ධ බව කියනු ලැබේ .පොලිසියට එරෙහිව චිකාගෝ,ලොස් අන්ජලීස්,වොෂින්ටන් අතුලු නගර රාශියක ඇරඹුණු උද්ඝෝෂණ සහ කැරලි ලොව අගනුවර වශයෙන් හදුන්වන නිව්යෝර්ක් නුවර දක්වාද විහිදී යාම තුලින් රටේ නීතිය හා සාමය රැක ගැනීම ඉමහත් අසීරු කර්තව්‍යය ක් වී ඇත .

කොරෝනා වසංගතයට නො දැමූ ඇඳිරි නීතිය නගර කීපයකම දැන් පනවා තිබේ . කලු ජාතිකයන් සමග සුදු ජාතිකයන්ද කැරලි වලට එක්වී ඇති අයුරුද දුටුවෙමි . කිසියම් නීති විරෝධී ක්‍රියාවක නිරත වූ බව කියන කලු ජාතිකයා සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් අත් අඩංගුවට ගත්විට මියගිය වහාම එම පොලිස් නිලධාරියා බලධාරින් විසින් රිමාන්ඩ් භාරයට ගනු ලැබීය . ඊට කිසිදු ජාතිවාදී පසුබිමක් නොවූ බව බලධාරින්ගේ මතයයි . අමෙරිකාවේ ප්‍රාන්ත 50 තුල පොලිස් බලතල ක්‍රියාත්මක කරන්නේ ඒ ඒ ප්‍රාන්ත වල චන්දයෙන් තේරී පත් වූ ආන්ඩුකාරවරුන් විසිනි . මෙම ප්‍රාන්තයන්හි පොලිස් බලතල වලට ඇඟිලි ගැසීමට අමෙරිකාවේ ජනාධිපති වරයාට බලයක් නැත . තත්ත්වය මෙසේ පවතිද්දී අමෙරිකාවේ බහුතර ප්‍රධාන මාධ්‍ය යන් (සී එන් එන් ඇතුළු )(CNN)මේ සිද්ධිය අනුසාරයෙන් ට්‍රම්ප් ජනපති පතුරු ගසමින් විවේචනය කරන්නට පටන් ගෙන තිබේ .

මිනියාපොලිස් සිට කි මී 2000 ,3000 වැනි ඉතා දුර නගර වල ජනතාව දස දහස් ගනනින් මෙසේ නීතිය සියතට ගනිමින් පොලිස් වාහන හා ගොඩ නැගිලි වලට ගිනි තබමින් සිදුකරන විනාශය අති මහත්‍ ය. ට්‍රම්ප් ජනපති වරයාට අයත් නිව්යෝර්ක් හි ට්‍රම්ප් ටවර් ගොඩ නැ ගිල්ල ආරක්ෂා කිරීමට අද විශේෂ පොලිස් බල ඇනියක් යොදවන ලදී. ධවල මන්දිර ප්‍රකාශයෙකු ප්‍රශ්න කලේ අමෙරිකාවේ නගරයක පොලිස් මිනීමැරුමක් සිදුවූ විට එය ජනපති වරයා පිට පැටවීම සාදාරන වන්නේද යනුවෙනි . මෙය අමෙරිකාවේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ලොව හමුවෙහි විදහා දක්වන අවස්තාවක් වශයෙන් අර්ත දැක්විය හැක. මීට සති කීපයකට පෙර රටේ කොරෝනා මැඩ පැ වැත්වීමට අපොහොසත් වූවායයි කියමින් උද්ඝෝෂකයන් මිනී පෙට්ටි කර තබාගෙන ධවල මන්දිරය ඉදිරිපිට නිදහසේ පෙලපාලි ගියහ .

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

අද ලෝකය පුරා වැඩියෙන්ම ප්‍රචාරය වන්නේ අමෙරිකාවට විරුද්ධ පුවත්ය. දස දහස් ගනනින් ජනතාව රතිඤ්ඤා පත්තු කරමින්ද පොලිස් නිලධාරීන් ට ගල් මුල් වලින් පහර දෙමින්ද අසභ්‍ය වචන වලින් බැණ වදිමින්ද,දේපොල වලට ගිනි තබමින්ද තමන්ට ලැබී ඇති නිදහසින් අයුතු ප්‍රයෝජන ලබාගත් නමුත් හැම නගරයකම පාහේ පොලිස් නිලධාරීන් ඉතා ඉවසීමෙන් රාජකාරි කල අයුරු දක්නට ලැබිණි . පොලිස් අත් අඩංගුවේදී මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ්(George Floyd) අවසාන වරට කියා ඇත්තේ “මට හුස්ම ගන්න බැ හැ” (I CANT BREATHE ) යනුවෙනි . මරනය අභිමුඛයෙහි සිට මරනය පෙනි පෙනී ඔහුගේ මුවින් පිටවුන එම කියමන උද්ඝෝෂකයන්ගේ ප්‍රධාන සටන් පාටය බවට පත්වී තිබේ . 55,000 කට වැඩි පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් දැනටමත් නිව්යෝර්ක් නුවර ආරක්ෂාව තකා යොදවා ඇත. (මෙහි පහත පල කරනු ලබන්නේ අමෙරිකාවේ හටගත් මෙම හදිසි අවස්තාව පිලිබිඹු කිරීමේ චායාරූප රාශියකි.ඊට මා විසින් ගත් චායාරූප කීපයක් ද ඇතුළත්ය.

විශේෂ ස්තුතිය නිව්යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුවට[NYPD] )

 

Tags: නවතම
Share74Tweet43
Previous Post

නීත්‍යානුකූලව කුවේට්වල ඉන්න කිසිම ශ්‍රී ලාංකිකයෙකුට ප්‍රශ්නයක් නෑ

Next Post

තොණ්ඩමන්ගේ අන්තිම මොහොතේ කළ ඉල්ලීම් ගැන අගමැති අවමඟුලේදී කියයි…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.