බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති ප්‍රධානත්වයෙන් මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය ඇරඹේ!

by editor
සැප්තැම්බර් 15, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ ආරම්භ කෙරිණි.

ශ්‍රී ලංකාවේ පිහිටි ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් දුම්රිය ස්ථානයක් ලෙස සැලකෙන මරදාන දුම්රිය ස්ථානය කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි දුම්රිය ස්ථාන අතරින් දෙවෙනි විශාලතම දුම්රිය ස්ථානය ලෙස සැලකේ. මෙහි පෞරාණිකත්වයට හානියක් නොවන පරිදි මෙම නවීකරණ කටයුතු සිදු කිරීමට නියමිතය.

මෙහිදී, උත්සව සභාව ඇමතූ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක  සඳහන් කළේ දුම්රිය සේවාව නොසලකා හැරීම සහ පැරණි දේශපාලන සංස්කෘතියේ ගොදුරු බවට දුම්රිය සේවකයින් පත්වීම මෙරට ගුණාත්මක දුම්රිය සේවාවක් ගොඩනැඟීමේදී අභියෝගයක්ව පැවතී බවයි.

ජනතාවගේ දෛනික ප්‍රවාහන අවශ්‍යතා සපුරන ප්‍රධාන මාධ්‍යයක් වූ දුම්රිය සේවය පිළිබඳ ජනතා විශ්වසනීයත්වය ගොඩනඟමින් සක්‍රීය සහ කාර්යක්ෂම දුම්රිය සේවාවක් පවත්වා ගැනීමත්, සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයත් අරමුණු කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති, මගීන් මෙන්ම ප්‍රදේශවාසී ජනතාව, පෞද්ගලික අංශය ඇතුළු සියලුදෙනා එක් කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ බවත්, ඒ වෙනුවෙන් ඉදිරියේදීද සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

සමරු ඵලකය නිරාවරණය කරමින් මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කිරීමේ අවස්ථාවට සහභාගි වූ ජනාධිපති අනුර කුමාර දිසානායක   දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වූ අතර, එහි පාලක මැදිරිය ඇතුළු ස්ථාන කිහිපයක් නිරීක්ෂණය කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුවට අනන්‍ය ‘රුහුණු කුමාරි’ නම් නව සිංහල පරිගණක අක්ෂරය හඳුන්වාදීමද මෙහිදී සිදු කෙරිණි.

“පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්” උදා කර දීමේ රජයේ වැඩපිළිවෙළට අනුව තිරසර, නවීන සහ ප්‍රමිතිගත පොදු ප්‍රවාහන පද්ධතියකින් සමන්විත සුන්දර ජීවන රටාවක් අත්කර ගැනීම උදෙසා දුම්රිය ස්ථානවල පොදු පහසුකම් ඉහළ නැංවීම, දුම්රිය ස්ථාන සුවපහසු ආරක්ෂිත ස්ථාන බවට පත් කිරීම අරමුණු කර ගනිමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වය මත දිවයිනේ දුම්රිය ස්ථාන සියයක් නවීකරණය කිරීමේ ජාතික වැඩසටහන මේ වනවිට ආරම්භ වී තිබේ.

විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවද ඇතුළත්ව සියලු මගීන්ගේ ආරක්ෂාව සහ සුවපහසුව සලසන පිරිසිදු, සුන්දර දුම්රිය ස්ථාන පද්ධතියක් රට තුළ නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ්  සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර්, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී. පෙරේරා, දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ, දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ නිලධාරීහූ, පෞද්ගලික ආයතන නියෝජිතයෝ සහ පාසල් සිසුහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සූදානම්… ඔහුගේ නීතිඥයෙක් අභියාචනාධිකරණයට දැනුම් දෙයි!

Next Post

දියවඩන නිළමේ ධූරයට තරග වදින ඇතැම් අපේක්ෂකයන්ට මඩ ප්‍රහාර…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.