බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලබන සිංහල අලුත් අවුරුද්ද වනවිට කොළඹ මධ්‍යම බස් නැවතුම්පළ නවීන සේවා සපයන අලුත් බස් රථ සහිත ප්‍රිය මනාප තැනක් වේවි… ප්‍රවාහන ඇමති බිමල් කියයි!

by editor
සැප්තැම්බර් 15, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • බහු විධ ප්‍රවාහන මධ්‍යස්ථාන 50ක් 2029 අවසන්වන විට රට පුරා හදන්න සැලසුම් කරලා තිබෙන්නේ…

  • බස් නැවතුම කියන්නේ බස් එකක අල්ලා ගන්න   තැනක් විතරක් නෙමෙයි… ජීවිතයේ වැඩි කාලයක් ගෙවා දමන මිනිස් සම්බන්ධතා ගොඩනැගෙන තැනක්… ඒ  සදහා ප්‍රිය ජනක අවකාශයක් නිර්මාණය වීම පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළේ සිදුවනු ඇති..

  • කොටුව දුම්රිය ස්ථානය නවීකරණය කර අතිශය ප්‍රියමනාප තැනක් නවීණ පහසුකම් සහිත තැනක් කිරීම ඉදිරියේ දී සිදුවනවා…

ලබන සිංහල අලුත් අවුරුද්දට පෙර  කොළඹ මධ්‍යම බස්නැවතුම්පළ සම්පූර්ණයෙන් නවීකරණය කර  නවීණ පහසුකම් සහිත මධ්‍යස්ථානයක් ලෙස ජනතාවට භාර දෙන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක අද පොරොන්දු වුනේය.

ඔහු ජනතාවට මේ පොරොන්දුව ලබා දුන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කළ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළ නවීකරණය කිරීමේ ව්‍යාපෘතියට එක් වෙමිනි.

ස්වේච්ඡාවෙන් එක් වී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සැලසුම් කළ මෙම නවීකරණ වැඩපිළිවෙළට ප්‍රවාහන අමාත්‍යාංශ්‍ය, ජාතික ඉංජිනේරු ආයතන මෙන්ම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනත් එක් වූ බවත් මෙම ඉදිකිරීම් කර එම ඉදිකිරීමේ ප්‍රමිතිය නිසි ලෙස පාලනය කර පවත්වාගැනීම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අවුරුද්දකට කාලයක් භාර කරන බවත් ඇමතිවරයා පැවසුවේය.

එමෙන්ම ඉදිරි වසර තුළ දුම්රිය, බස් රථ සහ ටැක්සි සේවා එක් ස්ථානයට ගොනු කරන බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන 15ක් රට පුරා ගොඩනගන බවත් 2029 වනවිට එවැනි මධ්‍යස්ථාන 50ක් දිවයින පුරා ඉදිකිරීම සැලසුම බවත් ඇමතිවරයා කීවේය.

මේ ආකාරයෙන්ම කොටුව දුම්රියපළත් නවීකරණය කර ප්‍රිය මනාප ස්ථානයක් බවට පත් කරන බවට ද ඉදිරියේ දී එම සංවර්ධන කටයුත්ත ඇරඹෙනු ඇති බවට ද ඇමතිවරයා සහතික වුනේය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ඔහු කීවේ ජාතික ප්‍රවාහන සේවයේ ප්‍රධාන මුහුණතක් වූ ප්‍රධාන බස් නැවතුම්පල නවීකරණය කර අලංකරණය කරන්නේ විද්‍යානුකූල ක්‍රමවේදයකට බවය. බස් නැවතුම යනු හුදු බස් රථයක් ලබා ගැනීමට එන ස්ථානයක් නොව, ජීවිතයේ වැඩිම කාලයක් බොහෝ දෙනෙක් ගෙවා දමන, ජීවිත සම්බන්ධතා ගොඩනගන ස්ථානයක් බවත් එම ස්ථානය ඉතාම ප්‍රිය ජනක පරිසරයක් සහිත ස්ථානයක් ලෙස ප්‍රතිනිර්මාණය වනු ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

“මේ ආණ්ඩුව ගොඩ නගලා අවුරුද්දක් සම්පූර්ණ වෙනවා තව දවස් කීපයකින්. ඒ වනවිට අපේ අමාත්‍යාංශයේ පැවරිලා තියෙන්නේ පොදු ප්‍රවාහන සේවා ශක්තිමත් කිරීම.  ප්‍රවාහනය කියන්නේ උපයෝගීතා භාණ්ඩයක්. අනික් පැත්තේන් හුවමාරු භාණ්ඩයක්. යෑම් ඊම් සඳහා පොදු ප්‍රවාහනයක් අවශ්‍යයයි. යහපත් ලෙස පහසුවෙන්, මෙන්ම අඩු මුදලකින් සේවකයෙකුට සිය රැකියා   ස්ථානයට පැමිණීම අවශ්‍යයයි. රටේ නිශ්පාදනය දියුණු වන්නේ ඒ වගේ මානසිකත්වයකින් ඇවිත් සිය රාජකාරි කරන ශ්‍රම බලකායක් සහිත රටකයි.”

2001   සැප්තැම්බර් 11 එල්ල වුන දැවැන්ත ප්‍රහාරයත් සමග ඇමරිකාව නතර වුනා. දවස් කීපයකින් ඇමරිකාවෙ ජනාධිපති කතා කරලා   කිව්වේ ඇවිදින්න ගමන් කරන්න පටන් ගන්න කියලා. ප්‍රවාහනය පටන් ගන්න කියලා කිව්වෙ. රටක ආර්ථිකයේ ප්‍රධානම දේ තමයි ප්‍රවාහනය. මිනිස්සු වෙලාවට පිළිවෙළට අඩු වියදමින් හොඳ මානසිකත්වයකින්   සේවා ස්ථානයට පැමිණිම රජයේ  සහ ආර්ථිකයේ හැම කෙනාගෙම අවශ්‍යතාවයක්. ඒක අප සියලු දෙනාටම අවශ්‍යයයි. “

අපේ රට ඉතාම ඉහළ පොදු ප්‍රවාහනයක් ගොඩනගපු රටක්. දශක පහකට හයකට පෙර බස් රථ පද්ධතිය දුම්රිය ගත්තත් ලෝක මට්ටමින් ඉතාම හොඳ ආරම්භයක් ගත්තා. මේවා පසුගිය අවුරුදු තිහ හතලිහ තුළ නොසලකා හැරියා. පාලකයින්ට හරි දැක්මක් තිබුණෙ නෑ. වංචා දූෂණ නිසා, දේශපාලන පත්වීම්වලින් දරාගත නොහැකි තරම් සේවකයින් ප්‍රමාණයක් පුවපු නිසා විශාල වශයෙන් මෙම ආයතන බිඳවැටුනා. “

කතාව අතර ඇමතිවරයා කීවේ ජනාධිපතිවරයාට වෙලාවක් තිබේ නම් මේ බස් නැවතුමේ විනාඩි 05ක් ඇවිද බලා ජනතාව එය භාවිතා කළ අයුරු දකින ලෙසය. අනතුරුව  ඔහු මෙසේ ද කීවේය.

බස් නැවතුම්පලක්  කියන්නේ  බස් එක අල්ලා ගන්න තැනක් විතරක් නෙමෙයි. අපේ ජීවිතයේ අවුරුදු විසිපහක් තිහක් ගතකොළොත් අජීවිතයේ වැඩි කාලයක් ගත කරන තැනක්.  එය  මිතුරන් හම්බවෙන   සතුටු වෙන තැනක් විය යුතුයි. ගුවන් හමුදාවේ යෝජනා සහ අපේ යෝජනාව අනුව සැලකිය යුතු පසුකම් සහිතව මේ ස්ථානය දියුණු කරනවා. මිනිස්සුන්ට එන්න යන්න පුලුවන් විදිහට. යෝජනා වුනා මෙතන  මිනි තියටර් එකක් හදන්න. මාධ්‍යවේදී සහෝදරයෙක් කිව්වා බස් ටී.වී එකෙක් හදමු කියලා. අපි ඒවා ක්‍රමානුකූලව කරමු. ඒවා බස් කෝචචි එකට එකතු  කරන් අපට කරන්න පුලුවන්.

මධ්‍යම බස් නැවතුම්පළ  හදලා ඉවර වුනාම අ  අපි ගුවන් හමුදාවෙන් ඉල්ලා තිබෙනවා අවුරුද්දක් මේ ස්ථානය  පාලනය කරන්න. මොකද මේවා හදනවාට වඩා අමාරුයි පාලනය කරන්න.  ප්‍රධානම අභියෝගය තමයි අප නිර්මාණය කර පෙන්වන    ප්‍රමිතියෙන් එය නඩත්තු කර  තියා ගන්න එක. මේ වගකිමේ ලොකු කොටසක් රජයේ නිලධාරීන්ට ලැබෙනවා.  අනෙක් පැත්තෙන් ජනතාවට…   මහජන මුදල් කෝටි 42ක් වියදම් කරලා හදන්නේ. ඒ නිසා එහි පරිපාලනය ඉතාම වැදගත්. එය විද්‍යානුකූලව පරිපාලනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම මෙතනනින් දුම්රිය සහ ගුවන්තොටුපල තොරතුරු ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඒ වගේම බෑග් ආරක්ෂිතව තියාගන්න පුලුවන් තැනක්, ඉතාම යහපත් පහසුකම් සහිත රියදුරු කොන්දොස්තර විවේකාගාරයක්, ඇතුළු සියලු දේ ගොඩනගනවා.  අරමුණ තමයි මේ බස් නැවතුම ඇතුළු කොළඹ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක්   ගොඩ නැගීම. මේ සැලසුම යටතේ කෝච්චි බස් ටැක්සි එක තැන තියන බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන 15ක් ලබන අවුරුද්දේ පටන් ගන්නවා. 2029 වනවිට බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන 50ක් හදන්න අපි සැලසුම් කරලා තියනවා.

“මේ ජනතාව සියලු දේ ගැන හිතලා මෙතන බස් නැවතුම නවීකරණයට බලාපොරොත්තු වෙන්නේ. එය ලංගම සේවකයින් ආදරයෙන් ගො  රැකබලා ගනී කියලා අප විශ්වාස කරනවා. ආසන්න ප්‍රදේශවල ව්‍යාපරිකයින් මේක රකින්න මැදිහත් වේවි කියලා අප හිතනවා. “

රටට මොන තරම් කාර් ගෙනාවත් පොදු ප්‍රවාහනය එකක් කිට්ටු වෙන්න බෑ. ලෝකයේ හොඳම දියුණු රටවල්වල තිබෙන්නේ හොඳ පොදු  ප්‍රවාහන සේවයක්.  මොනතරම් දියුණු පාරවල් තිබුණත් ඒ පාරවල්වලින් ආර්ථිකයට ඵලදායී ප්‍රතිඵල අත් වෙන්නේ දියුණු පොදු ප්‍රවාහන සේවයකින්.  ලබන අවුරුද්ද වෙනකොට  අලුත් බස් එනවා. ඒවාට ගැලපෙන විදිහට පාරවල් හදන්න වෙනවා.    මේ සියල්ල එකතු කරන් 2028 වෙනවිට මේ ස්ථානය  මීට වඩා ප්‍රියමනාප තැනක් කිරීම අපේ අපේක්ෂාව. ඊලඟට කොළඹ කොටුව දුම්රියපල.  එයත් ඉදිරියේ දී ප්‍රියමනාප තැනක් කරනවා.”

තවත් මාස 10කින් නවීකරනය වූ බස් රථ ඇති සේවා සලසන ස්ථානයක් බවට කොළඹ මධ්‍යම බස් නැවතුම්පල  පත් වනු ඇති.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පිටකොටුව බස් නැවතුම නවීකරණය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි!

Next Post

පොහොට්ටුවේ නව දෙශපාලන ව්‍යාපෘතිය  මහින්ද සුළඟින් නාමල් සුවඳලු…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.